IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අලි රංචුවක් වව්නියාවේ වගා බිමක් වනසති

          
 (රොමේෂ් මධුෂංඛ)
 

වවුනියාව නැවත පදිංචි ගම්මානයක් වන බෝගස්වැව ප්‍රදේශයට අද (14) අලුයම වනඅලි රංචුවක් කඩා වැදීමෙන් ගම්මානයේ වගාවන් රැසකට හානි සිදුව ඇති බවට ගම්වාසීහු පවසති.


බෝගස්වැව ගම්මානයේ වැසියන් වගා කොට තිබූ කෙසෙල් මඤ්ඤොක්කා පොල් හා තේක්ක වගාවන්ට මෙලෙස වල් අලි කඩා වැදීම හේතුවෙන් දැඩි ලෙස හානි සිදුව ඇත.


මේ අතර ගෙවුණූ දින කිහිපයේද බෝගස්වැව ,ඒ රුපතාන මහකච්චකොඩිය හා පිරප්පම්මඩුව යන ප්‍රදේශය වල පිහිටි ගම්මානයන්හි වගාවන්ටද වන අලින් විසින් දැඩි ලෙස හානි කර ඇති බවටද එම ගම්මානවල වැසියන් කියා සිටිති.


මෙලෙස වන අලි තර්ජනය මේ දිනවල දෛනිකව සිදුවන බැවින් එයට විසඳුමක් ඉල්ලන  මෙම ගම්වාසීන් කියා සිටින්නේ බෝගස්වැව ප්‍රදේශයේ ඇති අලි වැට සියලු ගම් ආවාරණය වනපරිදි දීර්ඝ කොට ලබා දෙන ලෙසටයි.

 



අදහස් (0)

අලි රංචුවක් වව්නියාවේ වගා බිමක් වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31641 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site