(නිශාන්ත කුමාර)
මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැදඔය , අලිකදුර, වැව්පිටිය, රෝහණ හා ඒ අවට ගම්මානවලට අද (15) කඩා වැදුණූ වන අලි රංචුවක් ගෙවතුවල වගා කර තිබූ පොල්, කෙසෙල්, බඩ ඉරිගු ඇතුළු බෝග වගාවන් රැසක් කා දමා වැපිරූ කුඹුරු ඉඩම් කිපයක්ද පාගා විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
රන්දෙණිගල රක්ෂිතයේ සිටි අලි 6 දෙනෙක් පමණ මෙම විනාශය කළ බවද ගම්මු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඉන්න ප්‍රදේශ වල ජීවත් වෙන්න යනවානං අලින්ගෙන් කරදර විදින්න ලෑස්ති වෙන්න ඕනෙ නැත්තං අලි නැති පලාතක ජීවත් වෙන්න ඕනෙ. අලින්ටත් මේ ලොකෙ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියල ලංකාවෙ ඉන්න මනුස්සයන්ට තේරුනානං හොඳයි.
අද ලංකාදීපයේ පළවුණු තවත් පුවතක් නම්, වන අලියෙක් පහර දී දෙදරු පියෙක් මිය ගිය බවයි. 1950 සිට අද දක්වා රටේ ජනගහනය දෙගුණයකට වඩා වැඩිවී ඇති අතර තවමත් ආර්ථිකයෙන් 30% යැපෙන්නේ ගොවිතැනින්. තවමත් ගොවිතැනින් යැපෙන්නන් සඳහා අනිවාර්යයෙන්ම කැළෑ එලි කල යුතු අතර, ගොවි ජන ජීවිතයට අලින් උවදුරක් වේනම් උන් අල්වා පිටරටකට යැවිය යුතුයි, එසේත් නැතිනම් දේශීයව අලින් රැක බලා ගත හැකි අයට උන් ඇති කිරීමට අවසර දිය යුතුයි. මෙවැනි අදහස් වලට සාමාන්‍යයෙන් විරුද්ධ වන්නේ නගරබදව වායු සමීකරණය කරන ලද කාමරවල සිට ප්‍රකාශන නිකුත් කරන අයයි.