IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අලි පන්නන වන ජීවි නිලධාරීන්ට ඩ්‍රෝන කැමරා

(මහේෂ් කිර්තිරත්න)
 
වන අලි පැන්නීමේ මෙහෙයුම්වලදී වනජීවි නිලධාරින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නවීන ඩ්‍රෝන කැමරා ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සභාපතිවරයා මේ බව පැවසීය.
 
දුර සිට වන අලින් සිටින ස්ථාන පහසුවෙන් නිරීක්ෂණය කිරීමට ඩ්‍රෝන කැමරා භාවිත කළ හැකි බවද, වනජීවී අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර කැමරා ලබාදීමට කටයුතු කරන බවද වසන්ත මහතා කීය.
 
මාතලේ රජ්ජම්මන ප්‍රදේශයේදී වන අලින් පලවා හැරීමේ මෙහෙයුමකදී මිය ගිය වන ජීවී අඩවි සහකාර නිලධාරී මධුෂාන් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ශෝකය පළ කළ මන්ත්‍රීවරයා මෙම තාක්ෂය භාවිත කළේ නම් ඔහුගේ ජීවිතය බේරගත හැකිව තිබූ බවද පැවසීය. ඉදිරියේදී එවැනි සිදුවීම් නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. ‌



අදහස් (0)

අලි පන්නන වන ජීවි නිලධාරීන්ට ඩ්‍රෝන කැමරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site