(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මැදවච්චි ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙකු මන්නාරම් පොලිස් දූෂණ මර්ධන අංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 230 ඔහු සතුව තිබී සොයාගෙන තිබේ.
දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාවේද සහය ඇතිව මැදවච්චිය මන්නාරම් මාර්ගයේ සිදු කළ සෝදිසියකදී ත්‍රී රෝදරථයකින් ගමන් කළ පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
වයස අවුරුදු 30 ක් වන සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අදාළ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට මන්නාරමට පැමිණි සිටි පොලීසිය විසින් තොරතුරු අනාවරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (26) දින මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර දූෂණ මර්ධන අංශය විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘අයිස්‘මත් ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට