IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයියන්කන්කුලම් වැවේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය මලයාලපුරම් අයියන්කන් කුලම් වැවට දිය නෑමට ගිය මලයාලපුරම් ගම්මානයේ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

මලයාලපුරම් අයියන්කන් කුලම් වැවට දිය නෑම සඳහා පිය සහ පුතා එක්ව ඊයේ (15) සවස ගොස් ඇති අතර වැවේ දිය නාමින් සිටි පියා එකවරම අතුරුදහන් වීමෙන් පසුව පුතා සෙව්වද සෙවීමට නොහැකි වීමෙන් උදව් ඉල්ලා කෑගසා ඇති අතර පසුව ප්‍රදේශවාසීන් ද එක්ව පියා සෙවීම් කළද සොයාගැනීමට නොහැකිව ඇත.

අනතුරුව මේ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම් දී නාවික හමුදාවේද සහය ලබාගෙන කිමිදුම් කරුවන් මාර්ගයෙන් අතුරුදහන් වූ පියා සෙවීමට පොලීසිය විසින් මේ වන විට පියවර ගෙන ඇත.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කිලිනොච්චිය පොන්නගර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක් වයසැති තිදරු පියෙකු වූ මුත්තුලිංගම් අරුමේයිනාදන් නැමති අයෙකු බවට හඳුනාගෙන ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අදහස් (0)

අයියන්කන්කුලම් වැවේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site