IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයිතිකරු රවටා වෑන් රියක් සොරකම් කර පුද්ගලයෙක් අත්අඩංගුවට



 
අනීෂා මානගේ


කුලියට ගන්නා මුවාවෙන් අයිතිකරු රවටා රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වන සුඛෝපබෝගි වෑන් රථයක් සොරකම් කර අංක තහඩු වෙනස් කර අලෙවි කර තිබියදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරින් විසින් රථයේ රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකුගේ රියදුරෙක් ලෙස සේවය කරන බෙලිඅත්ත දියඇල ප්‍රදේශයේ පදිංචි අයෙකි. 


මෙම සුඛෝපබෝගී වෑන් රථය ත්‍රිකුණාමලය නිලාවැලි ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගෙන් දිනකට රුපියල් 5000/- බැගින් වූ මාසික කුලී පදනම මත නිලාවැලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ලබාගෙන ඇත. 


ඊට පෙරද දෙවාරයක්ම මෙම පුද්ගලයා දිනකට රුපියල් පන්දහස බැගින් දින දෙකක් මෙම වෑන් රථයම කුලියට ගෙන රුපියල් 10000/- මුදලක් සමඟ නැවත අයිතිකරුට රථය භාර දී තිබේ.

මෙසේ මාසික පදනම මත දුන් වාහනයට කුලී නොගෙවීම නිසා විශ්වාසය කඩ කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව රථයේ අයිතිකරු විසින් කුච්චවේලි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව එම පොලිස් ස්ථානය විසින් සැකකරුට විරුද්ධව නඩු පවරා තිබී ඇත.


වෑන් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී (WP)PD 3172 ලෙස ව්‍යාජ අංක තහඩුවක් යොදා තිබී ඇති අතර ව්‍යාජ ආදායම් බලපත්‍රයක් සහිතව හා රක්ෂණ ආවරණයක් නොමැතිව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිළ ලාංඡනය රථයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් රථයේ රියදුරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු මෙම රථය ලක්ෂ දහයක මුදලකට සපුගස්කන්ද ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මිලට ගෙන තැරුව්කරු සඳහා අමතරව තවත් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ.



අදහස් (0)

අයිතිකරු රවටා වෑන් රියක් සොරකම් කර පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site