IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අමුද්‍රව්‍ය මිල අධික වීමෙන් නාඋල පාපිසි නිෂ්පාදනයට බැට

(ඉන්දික අරුණ කුමාර)
 
පාපිසි හා රෙදි ආශ්‍රිත ගෘහ අලංකරණ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමේ දී ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි නාඋල පාපිසි නිෂ්පාදනයෙහි නිරත කාන්තාවෝ කියාසිටිති.
 
මහනුවර වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවලින් කැපුම් රෙදි මිලදී ගතයුතු බවත්, සෙසු නගරවල පවතින රෙදි අධික මිල ගණන් යටතේ අලෙවි වන බවත් ඔවුහු කියති. ප්‍රවාහන ගාස්තු සහ රෙදි මිලදීගැනීමට වැය වූ මුදල සැලකීමේදී නිෂ්පාදන අලෙවි කර ගැනීමෙන් ලැබෙන ලාභය ඉතා අඩු මුදලක් බව ද එම කාන්තාවෝ පවසති.
 
මැහුම් සඳහා වැයවන විදුලිය හා ශ්‍රමය වෙනුවෙන් හෝ ලාභයක් නොමැතිව, නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් එවැනි නිෂ්පාදන ආශ්‍රිතව 100කට ආසන්න කාන්තා පිරිසික් සිටිති.
 
මාතලේ හා දඹුල්ල නගරවලින් පහසු මිලට සිය නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සලසන්නේ නම් මැහුම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව කාන්තාවෝ පවසති.
 
නිසිපරිදි අමුද්‍රව්‍ය පවතින්නේ නම් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ඉළ නැංවීම සඳහා එය පිටිවහලක් වන බව ඔවුහු කියාසිටිති.

 



අදහස් (0)

අමුද්‍රව්‍ය මිල අධික වීමෙන් නාඋල පාපිසි නිෂ්පාදනයට බැට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site