IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අමාත්‍ය තොන්ඩමන් හැටන් බිතු සිතුවම් නැරඹීමට යයි

(හැටන් ඉන්දික රොෂාන්)

ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා නගර වල බිත්ති සහ තාප්පවල තරුණ තරුණයින් පිරිසක් එක් වී මේ දිනවල විවිධ චිත්‍ර නිර්මාණ අඳිමින් සිටියි.

හැටන් ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී හැටන් දික්ඔය නගර සභාවේ අවසර ඇතිව එම තරුණ තරුණයින් පිරිස එක්වී හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ආරක්ෂිත පැති බැමි තාප්පයක මේ දිනවල තම චිත්‍ර නිර්මාණ කරමින් සිටියි.

හැටන් ප්‍රදේශයේ තරුණයන් විසින් අඳින චිත්‍ර නැරඹීමට සහ එම තරුණයන් දිරි ගැන්වීම සඳහා ප්‍රජාබල සවිගැන්වීමේ සහ වතුයටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා අද (07) එම ස්ථානයට පැමිණියේය.
එම තරුණයින්ට චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා දෙන ලෙස අමාත්‍යවරයා විසින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාට උපදෙස් ලබා දෙනු ලැබීය.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා අමාත්‍යවරයා හමුවේ කියා සිටියේ හැටන් නගරයේ ස්ථාන කිහිපයකම මෙවැනි චිත්‍ර නිර්මාණය කිරීම සඳහා පාසල් ළමුන්, රාජ්‍ය ආයතන වල නිලධාරින් මෙන්ම තවත් විශාල පිරිසක් නගර සභාවෙන් අවසර ඉල්ලා ඇති බවයි. ඔවුන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන චිත්‍ර කීපයක් දැනටමත් නගර සභාවට ඉදිරිපත් කර ඇති බව සභාපතිවරයා තොන්ඩමන් අමාත්‍යවරයා හමුවේ කියා සිටියේය.

මෙවැනි චිත්‍ර අදින වතු ආශ්‍රිත තරුණ තරුණයින්හට තම අමාත්‍යංශය මගින්ද පූර්ණ සහයෝගය ලබා දෙන බව අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා මෙහිදී පැවසීය.



අදහස් (0)

අමාත්‍ය තොන්ඩමන් හැටන් බිතු සිතුවම් නැරඹීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site