IMG-LOGO

අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් ඇළකින් මතුවෙයි

(බී.ජී. අමරසිංහ සහ ඩි.ජේ. විජේසිංහ)

අබිරහස් ලෙස මිය ගොස් ඇති කාන්තාවකගේ මළ සිරුරක් අද (25) ඇල්පිටිය බටුවන්හේන ඇළේ පාවෙමින් තිබී සොයාගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.

කළු මල් සහිත සුදු පැහැති  සාරියකින් සැරසී සිටි මියගිය කාන්තාවගේ අතේ අත් බෑගයක්ද තිබුණු බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 65 ක පමණ වයසින් යුතු කාන්තාවක විය හැකි බව පොලිසිය අනුමාන කරයි.

මෙම කාන්තාව සතියකට පමණ පෙර මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මළ සිරුරේ මස් දියවී සතුන් විසින් ආහාරයට ගැනීමෙන් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

කාන්තා මළ සිරුර පාවෙමින් තිබූ ස්ථානයට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ඇල්පිටිය මූලික රෝහලට යැවීමට කටයුතු  කළ බව පොලිසිය පැවැසීය.

 



අදහස් (0)

අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් ඇළකින් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 664 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 501 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site