(බී.ජී. අමරසිංහ සහ ඩි.ජේ. විජේසිංහ)
අබිරහස් ලෙස මිය ගොස් ඇති කාන්තාවකගේ මළ සිරුරක් අද (25) ඇල්පිටිය බටුවන්හේන ඇළේ පාවෙමින් තිබී සොයාගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
කළු මල් සහිත සුදු පැහැති සාරියකින් සැරසී සිටි මියගිය කාන්තාවගේ අතේ අත් බෑගයක්ද තිබුණු බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 65 ක පමණ වයසින් යුතු කාන්තාවක විය හැකි බව පොලිසිය අනුමාන කරයි.
මෙම කාන්තාව සතියකට පමණ පෙර මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මළ සිරුරේ මස් දියවී සතුන් විසින් ආහාරයට ගැනීමෙන් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
කාන්තා මළ සිරුර පාවෙමින් තිබූ ස්ථානයට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ඇල්පිටිය මූලික රෝහලට යැවීමට කටයුතු කළ බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd