(නයනදුල සෙන්දනායක)
අපවිත්‍ර ලෙස ආහාර නිෂ්පාදනයේ යෙදෙන රාත්‍රි ආපනශාලා පරීක්ෂා කිරීමේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අපිරිසිදු ලෙස ආහාර නිෂ්පාදනය කළ 7 දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ.
ඊයේ (12)රාත්‍රි 7 පමණ සිට හොරණ, ඉංගිරිය සහ බණ්ඩාරගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එක්ව සිදු කෙරිණි.
මෙහිදි හොරණ මුනගම, ඉලිඹ, පොකුණුවිට, මොරගහහෙන, මව්ගම ආදි ප්‍රදේශ රැසක ආපන ශාලා26ක් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වු අතර මෙහිදී අපවිත්‍ර අයුරින් පිසීම,
ආහාර ගබඩා කිරීම ,අපවිත්‍ර ස්ථානවල ආහාර නිෂ්පාදනය කිරීම කුකුල් අශුචි සහිත බිත්තර ආහාර නිෂ්පාදනයට යොදාගැනීම ,අමු මස් සමග ශිතකරණයේ පිසු ආහාර ගබඩා කිරීම යන වැරදි සම්බන්ධයෙන් 7දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
අපවිත්‍ර අයුරින් නිෂ්පාදනය කළ ආහාර රැසක් විනාස කිරිමටද නිලධාරින් කටයුතු කළ අතර සෞඛ්‍ය සම්පන්න අයුරින් ආහාර නිෂ්පාදනය කරන ආකාරය සම්බන්දයෙන් ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.


2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපිරිසිදු ආපනශාලා වටලා 7ක් අත්අඩංගුවට
varuni Wednesday, 13 December 2017 09:34 AM
හොඳ වැඩක්.