IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අ’පුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු ඉල්ලා උද්ඝෝෂණයක්

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයකු පත්කරන ලෙස ඉල්ලා එම රෝහලේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකවරු අද(28) පස්වරුවේදි රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
 
ලංකාවේ තුන්වන විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලට 2017 සැප්තැම්බර් මස සිට මේ දක්වාම ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු පත් කර නැතැයි ඔවුහු කීහ.
 
මෙම උද්ඝෝෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලු වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම එක්ව සිටියහ.
 
මේවන විට ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක වන උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතාට කාර්යාලයේදී සංදේශයක්ද භාර දෙන ලදී. පාලිත බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ට හැකි ආකාරයෙන් තනතුරේ කටයුතු කිරීමට උත්සහා ගන්නා බවයි. කෙසේ වෙතත් රජය අනුරාධපුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු පත්කිරීමට මැදිහත්විය යුතු බවද හෙතෙම පැවසීය.
 
අනුරාධපුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු පත් නොකිරීම නිසා හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මිලදි ගැනීමත්, රෝහලේ පරිපාලනයත් කඩාවැටී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් ශෂික විතාන මහතා පැවසීය.



අදහස් (0)

අ’පුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site