(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (04) පංති වර්ජනය කර උද්ඝෝෂණයක නිරතවූහ.
විද්‍යායතනය තුළ සිසුන්ට ඉගෙන ගැනීමට ඉඩ පහසුකම් නොමැතිවීම,උපාධිය වෙනුවට ඩිප්ලෝමාවක් ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ පංති වර්ජනය කරමින් උද්ඝෝෂණයේ නිරතවුහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති ඉමේෂ් බණ්ඩාරනායක සිසුවා මෙසේ පැවසීය.
‘‘මෙම ආයතනයේ සිසුන් 850 ක් අධ්‍යාපනය ලබනවා. එහෙත් ප්‍රමාණවත් තරම් ගොඩනැගිලි පහසකම නැහැ. මහපොළ ශිෂ්‍යධාර නැහැ.නේවාසික පහසුකම් නැහැ.අපට මුලින් කිවුවේ උපාධියක් දෙනවා කියලා.දැන් දෙන්න යන්නේ ඩිප්ලෝමාවක්.
එම නිසා අපට සාධාරණයක් ඉටුවණ තෙක් පංති වර්ජනය කරනවා. ඒ වාගේම හෙට (05) අපි අඛණ්ඩ උපවාසයක් කරනවා.
කුලියාපිටිය, බටන්ගල, රත්මලාන, මාතර සහ යාපනයේ විශ්වවිද්‍යාල විද්‍යායතනවල සිසුන්ද මේ ඉල්ලීම් දිනාගැනීම සඳහා පංති වර්ජනයේ නිරත වන බවද‘‘ ඔහු පැවසීය.

2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුහු පංති වර්ජනයක