(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට තර්ජනය කොට පහර දීමට තැත් කළ පුද්ගලයෙක් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අද (2) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී පැවසිය.
ගල්ගමුව නගරයේදී ඊයේ (1) දින සිදුවු රිය අනතුරකින් ගල්ගමුව මහ රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කොට එවන ලද කේ.ඒ.අයි.ලක්රුවන් රණතුංග (29) නැමති රෝගියක් ප්‍රතිකාර සිදු කරමින් සිටියදී මෙලෙස මිය ගොස් තිබිණි.
මෙම රෝගියාගේ මරණය සම්බන්ධයෙන් උරණවු මියගිය අයගේ සහෝදරයකු විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර සිදුකළ වෛද්‍යවරයාට තර්ජනය කොට පහර දීමට තැත්කළ බවට වෛද්‍යවරු චෝදනා කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරැ විසින් අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණිලි කලද ගල්ගමුව ප්‍රෙද්ශයේ පදිංචි සැකකරැ මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බව වෛද්‍යවරැ පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අද (2) පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසුවේ මෙම රෝගියා සැත්කමක් සිදු කිරිම සඳහා වෛද්‍යවරු කටයුතු කරමින් සිටි නමුත් එසේ තිබියදී මෙම රෝගියාගේ සහෝදරයකු විසින් වෛද්‍යවරයාට පහර දිමට තැත් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
737
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අ’පුර වෛද්‍යවරයකුට පහරදීමට විරෝධය
ජීවක වෛද්‍යරත්න Saturday, 03 March 2018 06:42 AM
නිකන් ගහන්න ගියා වෙන්න බැහැනේ. සමහර දොස්තරලට ලෙඩ්ඩුන්ගේ ජීවිත වටින්නේ නෑ. ලෙඩා පණ අදිනකොට මුකුත් නොකර නොසලකා හිටියා වෙන්න පුලුවන්.