අනුරාධපුර පළාත් පාලන ආයතනයක සේවිකාවකට ලිංගික අතවරයක් කළැයි කියන පැමිණිල්ලක් අනුව පරීක්ෂණයක් ඇරඹූ බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙම කාන්තාව අනුරාධපුර විජයපුර පදිංචිකාරියකි. නිලධරයකුගේ නිවසේ සේවයේ යොදවා සිටි අවස්ථාවක තමන්ට අතවරයක් කළැයි ඇය අනුරාධපුර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යංශයට පසුගිය මැයි 15 වැනිදා පැමිණිල්ලක් කළාය.
මේ සම්බන්ධයෙන් නිලධාරියාගෙන් අද (13) ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිස් ආරංචි පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd