IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අ’පුර පාසලක විදුහල්පතිවරයකු ඩෙස් පුටු ගන්න මුදල් එකතු කළැයි චෝදනාවක්


 
 
(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පාසලක තුන්වැනි ශ්‍රේණියේ සිසු දරුවන් 38 දෙනෙකු සඳහා ඩෙස් පුටු මිලදී ගැනීමට විදුහල්පතිවරයා විසින් එක් දෙමාපියකුගෙන් රුපියල් 5000 බැගින් මුදල් එකතු කර ඇතැයි ගුරු සංගම් චෝදනා කරති.


මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ලේකම් රුවන් සිරි හේරත් යන මහත්වරු විසින් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ අනුරාධපුර කලාප අධ්‍යක්ෂකවරුන්ට ද ලිඛිතව පැමිණිලි කර තිබේ.


ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.


අනුරාධපුර විදුහලක විදුහල්පතිවරයා තුන්වැනි ශ්‍රේණියේ දරුවන් සඳහා ඩෙස්,පුටු මිලදි ගැනිමට සිසුන් 38 දෙනෙකුගේ දෙමාපියන් එක් අයකු ගෙන් රුපියල් 5000 බැගින් මුදලක් ලබා ගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් දෙමාපියන්ද කලාප අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කර තිබෙනවා.


සෘජුව හෝ වක්‍ර ආකාරයට පාසල් දරුවන් ගෙන් මුදල් අය කිරිම නීතිවිරෝධියි. එසේ මුදල් අය නොකර ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2015 දී චක්‍ර ලේඛයක් පවා නිකුත් කර තිබෙනවා.


අනෙක් කාරණය පාසලක ඩෙස්,පුටු හිඟයක් තියෙනවා නම් එම අඩුපාඩු වාර්ෂික සංවර්ධන සැලසුමට ඇතුළත් කරන්න ඕනෑ. ඩී.එස්.සේනානායක විදුහලේ විදුහල්පතිවරයා විසින් එවැනි ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.


දිගින් දිගටම අයථා පරිදි මුදල් එකතු කිරිම,වංචනික ක්‍රියා පිළිබදව ඩී.එස්.සේනානායක විදුහලේ විදුහල්පතිවරයාට දෙමාපියන්ගෙන් චෝදනා එල්ලවී තිබෙනවා. එම නිසා ඔහු එම විද්‍යාලයෙන් ඉවත් කර විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස බලධාරින් ගෙන් ඉල්ලා සිටිනවා.


මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.


තුන්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා තිබෙන්නේ රවුම් මේස. රවුම් මේස වටා වාඩි වී දරුවන් අධ්‍යයනය කටයුතු කරන අවස්ථාවලදී එකිනෙකා කොපි කරන බව දෙමාපියන් පවසා සිටියා. එම නිසා දරුවන්ට වෙන වෙනම ඩෙස් පුටු ලබා දෙන්න දෙමාපියන් ගෙන්ම යෝජනාවක් ආවා.


අපට මුදල් එකතු කිරිම තහනම්. ඒ නිසා දෙමාපියන්ට කැමති තිරණයක් ගන්න මම ඉඩ දුන්නා.අපි මුදල් ඉල්ලලත් නැහැ. මුදල් අර ගෙනත් නැහැ.පාසලේ පවතින ඩෙස් පුටු හිඟය පිළිබ ඳව තමන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුවත් කර ඇති බවද හෙතෙම මෙහිදි පැවසීය.



අදහස් (0)

අ’පුර පාසලක විදුහල්පතිවරයකු ඩෙස් පුටු ගන්න මුදල් එකතු කළැයි චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31925 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14383 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11202 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 10 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 265 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1210 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site