IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

( උපාලි ආනන්ද)

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (387948) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින සැකකාරියන් දෙදෙනො  සහ සැකකරු තවදුරටත් ලබන සැප්තැම්බර් මස 7  වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  අද  (24) නියෝග කළේය.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය නිලධාරිණිය වන ඒ  ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ නැමැත්තියට ඇප ලබා දෙන  ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ කරුනරත්න හේරත් මහතා අධිකරණයට දැක්වූ කරුනු සලකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ඇයට ඇප ලබා දෙන්නේද? නැද්ද ? යන්න නියෝගය එදිනට ප‍්‍රකාශයට පත් කිරීමටද නියෝග කෙරිණ.

තවදුරටත් රිමාන්ඞ් කලේ  ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර මහ නගර සභාවේ  වැටුප් විෂය බාර නිලධාරිනිය ලෙස සේවය කල  ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ (36) ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන  අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක  වන උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන තිදෙනාය ඔවුන් අනුරාධපුර තිසාවැව නිවාස 60 අංක 4 සහ අනුරාධපුර අභයගිරි පාර කුට්ටම්පොකුණ  අංක 212/2 ලිපිනයන්හී පදිංචිකරුවන්ය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ රහස් පොලිසිය මග හරිමින් සැගව සිටින ප‍්‍රධාන සැකකාර වැටුප් විෂය බාර නිලධාරිනියගේ සැමියා වන අනුරාධපුර  මහ නගර සභාවේ ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ නැමැත්තාට විදේශ ගතවීම වලකාලමින්   තහනම් නියෝගයක් නිකුත්  කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නොපමාව  ආගමන විගමන පාලකරයාට යවන ලෙසට අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ජයන්ත මහතාට මහේස්ත‍්‍රාත්වරයා මීට පෙර නියෝග කෙරිණි.
 
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන මෙම මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් කර සිටින එම මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිනිය විසින් නගර සභාවට අයත් රුපියල්  විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2074302) මුදලක් ඇගේ සහෝදරයෙකු වන අසංක ප‍්‍රසාද් අමරසිංහ  නැමැතතාගේ  නමින් ඇති බැංකු ගිණුමකට බැර කර ඇති බව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිසිය තවත් රුපියල් දහ නව ලක්ෂ විසි පන්  දහස් තුන් සිය පහක (1925305) මුදලක් අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන උඩවත්තේගදෙර ලෝකානන්ද පද්මිනි යන අයගේ ගිණුමකටද වැටුප් විෂය බාර නිලධාරිනිය විසින්  බැර කර ඇති බවද අධිකරණයට සැල කළේය.
 
රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක බස්නායක මහතා සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුනු කීවේය.

මූල්‍ය වංචාවට අදාලව රිමාන්ඞ් කර සිටින වැටුප් විෂය බාර නිලධාරිනියගේ නමින් විවිධ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල පවත්වා ගෙන යන බැංකු ගිනුම් 110 ක් පරික්ෂා කිරීමට   මීට පෙර රහස් පොලිසියට අධිකරණයේ අවසරය ලබා දුන් අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා    විමර්ශණ සිදු කිරීමේදී අදාල බැංකු ගිනුම් වලට අදාල  තොරතුර   රහස් පොලිසියට ලබා දෙන ලෙසටද සියලු,  රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල කලමනාකාරිත්වයටද  තවදුරටත් නියෝග කරනු ලැබීය.
 
දැනට රිමාන්ඞ් කර සිටින සැකකාරියන් දෙදෙනා සහ සැකකරු 1982 අංක 12 දරන පොදු දේපල විෂයලා සිදු කරනු ලබන පනතේ 5 වන වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත 


ප‍්‍රධාන  සැකකාරිය අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියදී   රුපියල් කෝටි 24 කට අධික මුදලක් ඇය විසින් පරිහරණය කර ඇති බවත් ඒ අතරතුර  මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් රහස් පොලිසිය දැනට සිදු කර ඇති මූලික විමර්ශණවලදි අනාවරණය වී තිබේ.
 
ප‍්‍රධාන සැකකාරිය වෙනුවෙන් නීතිඥ රෝහණ පේ‍්‍රමලාල් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කරුනාරත්න හේරත් මහතා පෙනී සිටි අතර 2 වන සැකකරු සහ  3 වන සැකකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය අනුරාධපුර මහ නගර සභාව වෙනුවෙන් එහි නීති නිලධාරිණි ප‍්‍රියන්ති නිශ්සංක මහත්මිය පෙනී සිටියාය.
   
මෙම මුල්‍ය  වංචාව සිදුව ඇති බව කියනුයේ 2013 වසරේ සිට 2018 වසර දක්වාය වංචා කර ඇති මුදල රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක් බවට රහස් පොලිසිය සිදු කල මූලික විමර්ශණවලදි දැනට  හෙළි කර ගෙන තිබුනද වංචා කර ඇති එම මුදල රුපියල් කෝටි හතකට ආසන්න බවට රහස් පොලිසියේ වානිජ අපරාධ විමර්ශණ ඒකකය  සැක පළ කරයි.
 
රහස් පොලිසියේ වානිජ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.

 උතුරු මැද පළාත් පාලන කොමසාරිස් කේ ඒ සංජීවනී මහේෂිකා මහත්මිය සහ අනුරාධපුඅර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුනවර්ධණ මහතා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිලිබදව විමර්ශන ඇරැඹිණි.



අදහස් (0)

අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31745 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14205 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11138 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1140 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site