(මොහොමඩ් ආසික්)
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය සිය නව සොයා ගැනීම් එළි දැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සමුළුවේ පස් වන වාර්ෂික සමුළුව අද (18) සමාජ සුභ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි පැලෑටි හා ජාන සම්පත් මධස්ථානයේදී ආරම්භ විය.
දේශිය කුළු බඩු ගුණාත්මකව නිෂ්පාදනය කර අපනයනය කිරීම මගින් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීම අරමුණු කර ගෙන මෙම සමුළුවට සමගාමීව ප්‍රදර්ශණයක්ද සංවිධානය කර ඇති බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද මහතා මෙහිදී පැවැසීය.
මෙම උත්සවයේදී නව ගම්මිරිස් ප්‍රභේද තුනක් සොයා ගත් ආචාර්ය ජේ.එම්. සෙනෙවිරත්න මහතාට ජාත්‍යන්තරයෙන් ලැබුණු සම්මානය නිළ වශයෙන් පිරිනැමීමද අමාත්‍ය දයා ගමගේ මහතා අතින් සිදු විය.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නව සොයා ගැනීම් විශාල ප්‍රමාණයක් මෙහිදී එළි දක්වනු ලබන අතර මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා උනන්දුවක් දක්වන ව්‍යවසායකයින්ට අවශ්‍ය දැනුම උපකරණ යන්ත්‍ර සූත්‍ර ආදිය ලබා ගැනීමටත් අවශ්‍ය පහසුකම මෙම ප්‍රදර්ශණය තුළ සලසා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා කීය.
දිවයින පුරා අපනයන ගම්මාන 5500 ක් ආරම්භ කරන බවත් එයින් ගම්මාන 1000 ක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කර කෘෂි බෝග අපනයනය කර විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.



2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපනයන කෘෂි අංශයේ නව සොයා ගැනීම් එළි දක්වන 5 වන වාර්ෂික සමුළුව ඇරඹෙයි