IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


අපේ පිල් දෙකක් නෑ එක පිලයි - ඩලස්

ප‍්‍රශ්නය : මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් වෙන්නෙ පිල් දෙකක් විදිහට. එකක් මෛත‍්‍රී පිල අනෙක මහින්ද පිල. මේ පිල් බෙදීමේ වාසිය විපක්‍ෂයට වැඩියි නේද?
පිළිතුර : එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය තුළ පිල්බෙදීමක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේත් රනිල් පිල සහ සජිත් පිල කියා පිල් තිබුණා. පක්ෂ අභ්‍යන්තරයේ විවිධ මතවාද තියෙනවා. හැබැයි ඔබ අහන ඔය ප‍්‍රශ්නය වලංගු වන්නේ සන්ධානයේ අපි වෙනම ලකුණකින් තරග කළා නම්.  නමුත් අපි එක ලකුණකින් තරග කරන්නෙ. සන්ධානයෙ එක පිලයි තියෙන්නෙ. ඒ තමයි බුලත් කොළේ පිල. ඒ තුළ මනාප ප‍්‍රශ්න ආදිය තියෙන්න පුළුවන්. දැන් බලන්න එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික්කය තුළ එය වෙඩි තැබීම දක්වා දුරදිග ගිහිල්ලා.
ප‍්‍රශ්නය : නමුත් සමහර තැන්වල මහින්ද පිලේ අයට මනාප දීලා එවන්න කියලා ඇතැම් අපේක්ෂකයින් කියනවනෙ. ඒකෙන් පේන්නෙ බෙදීමක් තියෙනව කියන එක නෙවෙයිද?
පිළිතුර : කවුරු හරි අපේක්ෂකයෙක් නම් කරලා එයාට මනාප දෙන්න එපා කියලා කියනවා නම් එතන තියෙන්නෙ අවාසියකට වඩා ලොකු වැරැුද්දක්. ඒක සීලාචාර නැහැ. නිල් කොළ රතු මේ  ඕනෑම පක්ෂයක කෙනෙක් තමන්ගේම පක්ෂයෙ කාටහරි මනාප දෙන්න එපා කියනවා නම් එතන සීලාචාරකමක් නැහැ. අපට මෙතනදි වැදගත් අරයට මෙයාට මනාප දෙන්න කියන එක නෙවෙයි බුලත් කොළෙයි වැදගත්.
ප‍්‍රශ්නය : මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය පොරොන්දු ගණනාවක් ජනතාවට දීලා තියෙනවා. අවුරුදු 20 ක් එකදිගට බලයේ හිටපු පක්ෂයක් ඇයි මේවා කලින් නොකළේ කියලයි විපක්ෂය අහන්නෙ?
පිළිතුර : අපි දීපු පොරොන්දු ඉටු කරපු පක්ෂයක්. රාජ්‍ය සේවකයින්ට දුන්න පොරොන්දු විශ‍්‍රාමිකයින්ට දුන්නු පොරොන්දු බලන්න. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ 2014 අයවැයෙත් මේවා තියෙනවා. අපි අලූතින් දිපු පොරොන්දු තමයි 20 වැනි සංශෝධනය ගෙන ඒම.
 ඕන කෙනෙක් පරාජයෙන් පස්සේ පාඩම් ඉගෙන ගන්නවා. දැන් බලන්න 20 වැනි සංශෝධනය ගේන එක හොඳයි. විධායක ජනාධිපතිධුරය බලතල අපට සංශෝධනය කරන්න තිබුණා. නමුත් අපි ඒක කළේ නැහැ. එය කරන්න අවශ්‍ය දෙයක්. කාටහරි වෙනස් වෙන්න බෑ කීම බුද්ධිමත් තර්කයක් නෙවෙයි. මේ බොහෝ දේ අපි කරගෙන ආපුවා. අලූතින් දාලා තියෙන්නෙ කළ යුතු දේවල්. දැන් 20 වැනි සංශෝධනය ගේන්න මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා. ඒත් රනිල් වික‍්‍රමසිංහ මහතා ඒක කරන්න දුන්නේ නෑ අපි ඒක මාස තුනෙන් කරන බවට පොරොන්දුවක් දීලා තියෙනවා.
ප‍්‍රශ්නය : 94 දී සහ 2000 දී මාතරින් ඡුන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ආපු ඔබ පසුව ජාතික ලැයිස්තුවෙන් පත්වුණා. එහෙම හිටපු ඔබ දැන් නැවත මාතරින් ඡුන්දය ඉල්ලනවා. පදනමක් තියනවද?
පිළිතුර : මාතර පදනමක් තියෙනවාද නැද්ද කියන එක ජනතාව තීන්දු කරාවි. මම මනාප ක‍්‍රමයෙන් ඡුන්දය ඉල්ලන්නෙ නැහැ කියලා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරලයි 2001 දේශපාලනයෙන් ඉවත්ව ගියේ. නමුත් ජාතියේ මළගම ලියන්න යන වෙලාවේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙනුයි මා දේශපාලනයට නැවත ආවේ. එදා ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ ඝාතනයෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මා පත් කළා. මට ඒ වෙලාවේ ජාතික කාර්යභාරයක් පැවරුවා. ඒ තුළ රජයේ සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් රැුසක් මට පැවරුවා. 2010 දි මා ජාතික ලැයිස්තුවෙන් පත්වුණේ තුන්වැනියා විදිහට. මේ වෙලාවෙත් මට ජාතික ලැයිස්තුවෙන් එන්න කීවා.
නමුත් මාතර ආසන සංවිධායකයින් හතර දෙනෙකු පළාත් පාලන ආයතන 17 න් 16 කම හිටපු සභාපතිවරුන් මන්ත‍්‍රීවරුන් මට දිස්ත‍්‍රික්කයේ නායකයා වෙලා ඡුන්දයට එන්න කියලා ඉල්ලා සිටියා. මම දේශපාලනය කරන්නේ ප‍්‍රතිපත්ති එක්කයි. මටත්  ඕනෑ නම් කටවුට් ගහලා පෝස්ටර් ගහලා රැුකියා ෆෝම් බෙදලා පදනම් හදාගන්න පුළුවන්. නමුත්  මා ප‍්‍රතිපත්තිගරුකව පාරිශුද්ධ දේශපාලනයක යෙදෙන කෙනෙක්. පදනම නැතිවුණොත් වෙන්න පුළුවන් ලොකුම දේ තමයි ඡුන්දෙන් පරදින එක. එහෙම නැතිව මැරෙන්නෙ නැහැනේ.
ප‍්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉන්න මා ඉල්ලන්නෙ සාරවත් දකුණේ පසට නොදිරන දේශපාලන අපද්‍රව්‍ය වෙනුවට නොදිරන දේශපාලන මතවාද රැුගෙන එන්න කියලයි. මා ඉතා සරලව කියන දේ මේ වාක්‍ය දෙකේ තියෙනවා.
ප‍්‍රශ්නය : හිටපු ජනාධිපතිවරු විශ‍්‍රාම ගියාම ගෙදරට වෙලා ඉන්නවා මිසක් නැවත ඡුන්දයට එන්නෙ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා ගෙදර නොගිහින් ආයෙත් අගමැති වෙන්න හදන්නෙ බලයට තියෙන කෑදරකමට කියලයි විපක්ෂය චෝදනා කරන්නෙ.
පිළිතුර : ඇත්තටම ඒක තීන්දු කරන්නෙ ජනතාව. ජනාධිපතිවරණය නිල ප‍්‍රතිඵල නිකුත් වෙන්න පැය 10 කට කලින් එතුමා ගමට ගියා. ලංකා ඉතිහාසයේ එහෙම ගිය නායකයින් අපි දැකලා නැහැ. එහෙම ගෙදර ගිය නායකයාට විපක්ෂය ඉතා බරපතළ විදිහට රිද්දවා අවලාද නැගුවා. එතුමාට ඉන්න දුන්නෙ නැහැ. ඒකට ජනතාවට රිදුණා. අපේ රටේ ජනතාව සංවේදියි. ඊට පසුවයි ජනතාව ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයට එන්න කිව්වෙ.
ජනාධිපතිවරණ දෙකක් පැරදුණා. ජනාධිපතිවරණ දෙකක් මගහැර ගිහපු සමවයසේ ඉන්න වික‍්‍රමසිංහ මහත්තයට නැවත ඒක උරගා බලන්න සුදුසු නම් ජනාධිපතිවරණ දෙකක් දිනපු කිසිම මැතිවරණයක් මගහැර නොගිය මහින්ද රාජපක්ෂ මහත්තයට ඒක අකැප වෙන්නෙ කොහොමද? කියන එක මට ප‍්‍රශ්නයක්.
ප‍්‍රශ්නය : මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල ගැන ඔබට තියෙන තක්සේරුව කොහොමද?
පිළිතුර : අපි ස්ථිරවම දිස්ත‍්‍රික්ක 12 කට වැඩිය ජයග‍්‍රහණය කරනවා. පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීම සඳහා දිස්ත‍්‍රික්ක 22න් 11 ක් ජයග‍්‍රහණය කිරීම හොඳටම ප‍්‍රමාණවත්. ලංකාවේ ඡුන්ද ලක්ෂ 150 න් ලක්ෂ 80 ක් රැුඳිලා තියෙන්නෙ දිස්ත‍්‍රික්ක හතක. කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර, ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක හතෙන් දිස්ත‍්‍රික්ක 4 ක් එක්ක දිස්ත‍්‍රික්ක 11 ක් ජයග‍්‍රහණය කිරීම පාර්ලිමේන්තුවේ බලය ගන්න හොඳටම ප‍්‍රමාණවත්. දිස්ත‍්‍රික්ක 12ක් ජයග‍්‍රහණය කිරීම නිරවුල් ජයග‍්‍රහණයක්. දිස්ත‍්‍රික්ක 22 න් 4 ක් අපි කැමැති වුණත් අකමැති වුණත් දෙමළ ජාතික සන්ධානය දිනනවා. යාපනය, වන්නි, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව.
ඊළඟට ඉතිරි වෙන්නෙ දිස්ත‍්‍රික්ක 18 යි. ඉන් දිස්ත‍්‍රික්ක 11 ක් ජයග‍්‍රහණය කිරීම පැහැදිලි ජයග‍්‍රහණයක්. අවම වශයෙන් දිස්ත‍්‍රික්ක 14 ක් ජයග‍්‍රහණය කිරීම අපේ ඉලක්කයයි. පැරදුණු ජනාධිපතිවරණයේදී අපි මින් දිස්ත‍්‍රික්ක 10 ක් දිනුවා. ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, කළුතර, රත්නපුර, කුරුණෑගල, මාතලේ, කෑගල්ල සහ අනුරාධපුර. ඊට අමතරව අපි දිස්ත‍්‍රික්ක තුනක් පැරදුණේ සොච්චමෙන්. බදුල්ල, ඡුන්ද 282 කින්, ගම්පහ 4900 කින්, පුත්තලම 5400 කින් අපි පැරදුණේ.
පොළොන්නරුව මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා නිසා ඡුන්ද 30,000 කින් පැරදුණා. මේ ඡුන්දයේදි අපි ගම්පහ, පොළොන්නරුව, පුත්තලම නිසැකවම අපේ ජයග‍්‍රහණයට නතු කර ගන්නවා. ඡුන්ද 282 කින් පැරදුණු බදුල්ලත් අපි දිනනවා. ගම්පහ ඡුන්ද 1,50,000 කින් අපි දිනනවා.

 



අදහස් (0)

අපේ පිල් දෙකක් නෑ එක පිලයි - ඩලස්

සුරංජිත් Monday, 17 August 2015 08:28 AM

ඔව අගුපිල! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 570 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site