(ජේ.කේ.එල් චාමින්ද)
අක්මීමන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සංවිධායකවරයා වශයෙන් අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් ප්‍රියදර්ශන මහතා පත්කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා මෙම පත්වීම කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගී වූ ආසන සංවිධායකවරුන් වෙනුවට එම ආසනවලට වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමට ඉකුත් 5 වැනි දින රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගත් බවද නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
විනය පරීක්ෂණ පවත්වා සමුළුවට සහභාගී වූ ආසන සංවිධායකවරුන් එම ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඉදිරියේදී අනිල් ප්‍රියදර්ශන මහතාට අක්මීමන ආසනයේ වැඩබලන සංවිධායක ධූරය වෙනුවට ස්ථිර සංවිධායක ධුරය ලබාදෙන බවද ෂාන් විජේලාල් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අක්මීමන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනු ලබන දකුණු පළාත් හිටපු කෘෂිකර්ම ඇමති නීතීඥ යු.ජී.ඩී. ආරියතිලක මහතා වෙනුවට එම ආසනයේ වැඩ බැලීම සඳහා අනිල් ප්‍රියදර්ශන මහතා පත්කර ඇත. ආරියතිලක මහතා ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට ද සහභාගී විය. ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම පත්වීම සිදුකර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අනිල් ප්‍රියදර්ශන අක්මීමන ශ්‍රීලනිප වැඩබලන සංවිධායක ධුරයට