IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුරගේ පරිසර ප‍්‍රතිපත්තිය උඩවලවේ දී එළිදකී

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

අධ්‍යාපනය, කලාව, සාහිත්‍ය ඇතුලූ ක්ෂේත‍්‍ර ගණනාවක් හරහා පරිසරය ආරක්‍ෂා කිරීමේ නවමු සංස්කෘතියක් සමඟ ළමා, තරුණ, වැඩිහිටි, රාජ්‍ය, පෞද්ගලික ආදී වූ සෑම ක්ෂේත‍්‍රයක් සමඟම පරිසරයේ ප‍්‍රතිලාභ අනාගත පරපුරට ලැබීමට ඉඩකඩ සැලසීමේ සැලැස්මක් ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා සිය පරිසර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දක්වමින් අද (17) උඩවලවේ දී පැවසීය.

මෙම පරිසර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මුල් පිටපත පරිසරවේදී වෑකඳවල රාහුල හිමිට අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගන්වනු ලැබීය.

විශ්ව විද්‍යාල ආචාර්වරුන් ඇතුලූ විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්වූ අතර පරිසර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්‍ධයෙන් වූ ප‍්‍රධාන දේශනය රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ මහතා විසින් පැවැත්විය.

රත්නපුර දිස්ත‍්‍රික් ජනතා විමුක්ති පෙරමුණු නායක ශාන්ත පද්මසිරි මහතා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

 

 



අදහස් (0)

අනුරගේ පරිසර ප‍්‍රතිපත්තිය උඩවලවේ දී එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site