(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව උප්පලවත්ත රඹාවැව ප්‍රදේශයේ අනියම් සැමියාගේ අමානුෂික පහර කෑමට ලක්වු 43 හැවිරිදි විවාහක කාන්තාවක් අද (11) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය කොබෙයිගනේ පදිංචි විවාහක කාන්තාවක් වන මදුරප්පුලිගේ දිපාන්දනී නැමති 43 හැවිරිදි කාන්තාවක් බව කියයි.
මරණයට පත් කාන්තාව දෙදරු මවක් වන බවත් ඇයගේ සැමියාගෙන් වෙන්ව ජීවත් වන බවද කියයි. එම කාන්තාව, ඇයගේ දියණියන්ට ඇඟලුම් කාර්මාන්ත ශාලාවල සේවයට යන බව පවසමින් නිවසින් පැමිණ ඇති බවද කියයි.
මරණයට පත් කාන්තාව මාසයකට වැඩි කාලයක් ඇගේ ඝාතනය සිදුකරන ලද බව කියන සැකකරු සමග ජීවත්ව වන බවද ඊයේ (10) දින රාත්‍රියේ දෙදෙනා අතර බහින් බස් විමක් ඇතිවි ඉන් පසුව ඝාතනයට සම්බන්ධ සැකකරු විසින් පොල්පිති වලින් පහර දී ඉන් පසුව පොරවකින්ද පහර දී ඇති බවද, එහිදී අධික ලෙස රුධිර වහනය වීමකට ලක්ව නිවසේ වැටි සිට ඇත.
ඝාතනය සම්බන්ධව අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (11) දහවල් පැවැත්වීමට ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය පැමිණීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනියම් සැමියාගේ පොලු පහරින් කාන්තාවක් මරුට