(ජුඩ් සමන්ත)
තම බිරිදට පිහියෙන් ඇණ ඝාතනය කර පලා ගොස් ඇති සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල - කුරුස පල්ලිය,දෙවැනි පියවර පදිංචිව සිටි මංජුලා ප්‍රියදර්ශණි නම් අවුරුදු 40ක තිදරු මවකි. ඊයේ (20) රාත්‍රීයේ මෙම පිහි ඇණුම සිදුකර තිබේ.
සැකකාර සැමියා පැමිණෙන විට මිය ගොස් ඇති කාන්තාව තම අනියම් සැමියා සමඟ නිවසේ සිට ඇත. මේ බව දැක ඇති සැකකරු දෙදෙනාටම පිහියෙන් ඇණ තුවාල සිදු කර පලා ගොස් තිබේ.
තුවාල ලබා සිටි දෙදෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන්ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතත් එහිදී කාන්තාව මිය ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් සොයන සැකකරු මීට වසර කීපයකට පෙර මාරවිල මුහුදු තීරයේ සංචාරක හෝටලයකදී වයස අවුරුදු 60 ක් පමණ වන ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු බවද පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
732
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනියම් පෙම නිසා සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට