(චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව නගරයේ සැරිසරමින් සිටි අනන්‍යතාව හෙළි කිරීමට අපොහොසත් වූ පුද්ගලයන් 4 දෙනෙකු හා බස් රථයක සැකකටයුතු ආකාරයෙන් ගමන්ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පැවසීය.
කොළඹ සිට කුලියාපිටිය දක්වා ඊයේ(28) ගමන්කරමින් තිබූ බස් රථයක සැකකටයුතු ලෙස සිටි පුද්ගලයෙකු සම්බන්ධව ලැබුණ තොරතුරක් මත දන්කොටුව නගරයේදී එම බස් රථය නවත්වා එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවත්, දෙමළ ජාතිකයෙකු වූ එම තැනැත්තා සතුව හැඳුනුම්පතක් නොතිබූ හෙයින් පොලිස් බාරයට ගත් බවත් පොලිසිය කීය.
එමෙන්ම දන්කොටුව නගරයේ සැරිසරමින් සිටි පුද්ගලයන් හතර දෙනෙකුද අ්‍යතාව හෙළි කිරීමට නොහැකි වීම නිසා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු වාර්තා ලබාගෙන ඉදිරි නීතිමය කටයුතු කරන තෙක් ඔවුන්ව රඳවා ගන්නා බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනන්‍යතාව හෙළිකිරීමට අපොහොසත් වූ 5ක් අත්අඩංගුවට