IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අනතුරින් කොස්තාපල් සහ යතුරුපැදිකරු රෝහලේ

දයාරත්න ඇඹෝගම


නාච්චාදුව ඇගලුම් කම්හළ  ඉදිරිපිටදි  යතුරුපැදිකරුවකු මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ගැටිමෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හිදෝගම පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ හිදෝගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ රජකාරියේ නියුතු රූපසිංහ සේනානායක නැමැති පොලිස් කොස්තාපල් වරයෙකු සහ නාච්චාදුව පදිංචි සුරේෂ් විරසිංහ (22) නැමති තරුණයෙකි.

ලියාපදිංචි නොකළ  යතුරු පැදියකින්   නිවසට යමින් සිටි යතුරු පැදිකරු පොලිස් නිලධාරින් මාර්ගය අසල රැදි සිටිමෙන් කළබලයට පත්ව පොලිස් කොස්තාපල්වරයාගේ ගැටි ඇති බව පොලිසිය කියයි.

මෙහිදි යතුරු පැදිය පොලිස් කොස්තාපල්වරයා ගේ දෙපා මතට ඇද වැටිමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති බවත් යතුරු පැදිකරුද බිම ඇද වැටිමෙන් ඔහුද තුවාල ලබා ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

 

 



අදහස් (0)

අනතුරින් කොස්තාපල් සහ යතුරුපැදිකරු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site