IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අධිකරණ නියෝගය හේතුවෙන් ගාල්ලේ කසළ ගැටලුව උග්‍ර වෙයි

(සිරංගිකා ලොකුකරවිට) 

මොන්රෝවියා වත්ත කසළ අංගනයට කසළ බැහැර කිරීම තහනම් කරමින් අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් ගාල්ලේ පළාත් පාළන ආයතන රැසක කසළ බැහැර කිරීමේ කටයුතු අඩපණ වී ඇත.

දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ බාරකරුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා විසින් පසුගිය 14 වැනිදා මෙම නියෝගය නිකුත් කරණු ලැබීය.

රත්ගම ප්‍රදේශයේ පිහිටුවා ඇති එම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය හේතුවෙන් අවට පදිංචිකරුවන්ට සිදුවී ඇති මහජන පීඩාව සම්බන්ධව රත්ගම පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉහත නියෝගය නිකුත් කිරීම සිදුවිය.

මෙම නියෝගය හේතුවෙන් මොන්රෝවියා වත්තේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ ගෙන එන ගාල්ල මහ නගර සභාව, රත්ගම ප්‍රාදේශීය සභාව, හික්කඩුව නගර සභාව සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන හතරේ කසළ බැහැර කිරීම දැවැන්ත ගැටලුවක් වී ඇත.

මේ සම්බන්ධව අදහස් විමසීමේදී දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා මෙසේ පැවසීය.

      “කසළ කළමනාකරණය කියන්නේ පළාත් පාලන ආයතනවල ප්‍රධාන වගකීමක්. මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සඳහා මෙය ඉතාමත් වැදගත් වෙනවා. නමුත් පළාත් සභාවේ බල අධිකාරිය විසින් පළාත් පාලන කොමසාරිස්වරයාට කසළ කළමණාකරණ බලතල පැවරුවා.

ඒ අනුවයි මා වෙත මෙම අධිකරණ නියෝගය ලබාදී තිබෙන්නේ. අපිට අදාල නෛතික කාර්යයන් තිබෙනවා. මෙය නෛතික කාර්යයක් නොවෙයි. කසළ කළමනාකරණ කටයුතු වල වගකීම ඒ ඒ පළාත් පාලන ආයතන වලින් දැරිය යුතුයි.

මධ්‍යම පරිසර අධිකාරියෙන් මොන්රෝවියා වත්තේ කෝටි ගණනක මුදල් වියදම් කරලා ඉදිකරපු කසළ කළමනාකරණ ව්‍යාපෘතියට රත්ගම ප්‍රාදේශීය සභාව, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව, හික්කඩුව නගර සභාව සහ ගාල්ල මහ නගර සභාව කසළ ගෙන එනවා. එය කොටස් දෙකකට සිදුකරන දෙයක්. දිරායන කසළ වෙනමත් දිරා නොයන කසළ වෙනමත් බැහැර කරනවා. මෙතැන දිරායන කසළවලින් කොම්පෝස්ට් සකසනවා. දිරා නොයන කසළ පිළිබඳව ගැටලුවක් තියෙනවා.

දිරා නොයන කසළ බැහර කිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබුණා. මහජන පීඩාකාරී ආඥාපනත යටතේ පොලිසිය විසින් තමයි උසාවියට මේ ගැන කරුණු වාර්තා කරලා තියෙන්නේ.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයා ලෙස අපි අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. මේ කරුණු වාර්තා කිරීමට තිබෙන්නේ ජනවාරි 21 වැනිදා.

කරුණු වාර්තාකරන තුරු අධිකරණය තාවකාලිකව තහනම් නියෝගයක් පනවා තිබෙනවා මොන්රෝවියා වත්තේ කසළ අංගනයට කසළ ගෙනගොස් දමන්න එපා කියලා.

ඒ නිසා මේ දිනවල ගාල්ල මහ නගර සභාව, හික්කඩුව නගර සභාව, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව සහ රත්ගම ප්‍රාදේශීය සභාව කියන පළාත් පාලන ආයතන හතර කසළ එකතුකිරීමේ කටයුතු නිසි පරිදි සිදුකරන්නේ නැහැ.” 

මේ සම්බන්දව අදහස් පල කරමින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා මෙසේ පැවසීය,

    “උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් දැනට බෝපෙ පෝද්දල බල ප්‍රදේශයේ කුනු එකතු කිරීම නවත්වා තිබෙනවා. අපි දිගටම දිරන සහ නොදිරන කසළ ගෙනගියේ මොන්රෝවියා වත්ත කසළ අංගනයටයි.

අප ඒ සඳහා එම ස්ථානයට ගෙවීමක් ද සිදුකළා. කසළ ගෙනයන ප්‍රමාණය අනුව මාසිකව රුපියල් ලක්ෂ එක හමාරත් දෙකත් අතර ප්‍රමාණයක් ප්‍රාදේශීය සභාව මගින් මොන්රෝවියා වත්ත කසළ අංගනයට ගෙවනවා.

අධිකරණ නියෝගය නිසා කසළ එකතු කිරීම සම්බන්දව දැවැන්ත අර්බුදයකට අප පත්ව සිටිනවා. මොන්රෝවියා වත්තට කසළ ගෙනයෑම වෙනුවට වෙනත් විකල්පයක් සඳහා සැලසුම් සකස් කරමින් පැවතුනත් ඒ සඳහා තරමක කාලයක් ගතවෙනවා. මේ හේතුවෙන් අප ප්‍රාදේශීය සභාව ලෙස වෙනමම අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන අතර එහිදී සහන කාලයක් ලැබෙනු ඇතැයි සිතනවා.”

ගාල්ල මහ නගර සභාව සතුවද කසළ බැහැර කිරීමට ස්ථිර ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැනට දින පහක පමණ සිට නගර සභා බල ප්‍රදේශය තුළ කසළ එකතු කිරීම අත්හිටුවා ඇත.

මේ හේතුවෙන් බන්ධනාගාරය, නාවික හා යුද හමුදා කඳවුරු, කරාපිටිය හා මහමෝදර යන රෝහල් වල කසළ බැහැර කිරීමේ දැවැන්ත ගැටලුවක් පැන නැගී තිබේ. කසළ එකතු කිරීම නිසි පරිදි සිදු කරන තෙක් එම කසළ පාරට නොදමා නිවෙස් වල ගබඩා කර තබා ගන්නා ලෙස ශබ්ද විකාශන මගින් ජනතාව දැනුම්වත් කිරීමට ද ගාල්ල නගර සභාව විසින් අද (19) කටයුතු කරන ලදී.

 



අදහස් (1)

අධිකරණ නියෝගය හේතුවෙන් ගාල්ලේ කසළ ගැටලුව උග්‍ර වෙයි

lalithm Monday, 20 January 2020 03:24 AM

කසල ප්‍රතිචකියකනයට නිවැරදි විසඳුමක් දෙන්න බැරි ලොක්කෝ රජවුනාම තියන ප්‍රශ්නයක්. එක ආණ්ඩුවකින් කරන්න හදන දෙයක් අනිත් ආණ්ඩුවෙන් වෙනස් කන්න පොරොන්දු වෙනවා. මතකනේ පුත්තලම කසල අංගනය ගැන ඡන්ද කාලේ කියපුවා. ඉතින් මේවා පත්තරවල හරි උසාවියට හරි කියලා වැඩක් නැහැ. ජාතික ප්‍රතිපත්තියක් හදලා ඇට නැති දිවට සීල් තිබ්බම හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site