(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම,ජෝශප්වාස් නගර් ප්‍රදේශයේ සිට අතුරුදහන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ ඔලෙත්තොඩුවායි කැලෑවේ තබී හමු වූ බවට මන්නාරම් පොලීසිය පැවසීය.
මන්නාරම පොලිසිය සඳහන් කළේ පසුගිය මාර්තු මස 26 වැනිදා අතුරුදහන්වු මන්නාරම ජෝශප්වාස් නගරයේ පදිංචි 71 හැවිරිදි මනුවේල් පිල්ලේ නොහොත් ඇල්බට් නම් දරුවන් අට දෙනකුගේ පියකුගේ සිරුරක් මෙසේ හඳුනාගෙන ඇති බවයි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd