IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුර හමුවේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ තේ වතුයායේ පදිංචිව සිට ඉකුත් (27) අතුරුදන්වූ පුද්ගලයාගේ මළ සිරුර අද (29) මරේ දියඇල්ලේ තිබී සොයා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
 
මිය ගොස් ඇත්තේ ආරෝග්‍යසාමි ජෙබමාන් නැමති 71 හැවිරිදි එක් දරු පියෙකි.
 
මෙම පුද්ගලයා ඉකුත් (27) දා ස්නානය කිරීමට යන බව නිවැසියන්ට පවසා නිවසින් පිටව ගිය බවත් නැවත නිවසට නොපැමිණි බවත් පවසමින් ඥාතීන් විසින් නල්ලතන්නිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.
 
නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකින් අනතුරුව මෙම මළ සිරුර අද සොයාගෙන ඇත.
 
මළ සිරුර සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(29) පැවැත්වීමට නියමිතය.
 
නල්ලතන්නිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුර හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site