(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ තේ වතුයායේ පදිංචිව සිට ඉකුත් (27) අතුරුදන්වූ පුද්ගලයාගේ මළ සිරුර අද (29) මරේ දියඇල්ලේ තිබී සොයා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ආරෝග්‍යසාමි ජෙබමාන් නැමති 71 හැවිරිදි එක් දරු පියෙකි.
මෙම පුද්ගලයා ඉකුත් (27) දා ස්නානය කිරීමට යන බව නිවැසියන්ට පවසා නිවසින් පිටව ගිය බවත් නැවත නිවසට නොපැමිණි බවත් පවසමින් ඥාතීන් විසින් නල්ලතන්නිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.
නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකින් අනතුරුව මෙම මළ සිරුර අද සොයාගෙන ඇත.
මළ සිරුර සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(29) පැවැත්වීමට නියමිතය.
නල්ලතන්නිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd