(ඉන්දිකා රාමනායක)
අත්බෝම්බයක් සමග පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අතඅඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ (25) හැවිරිදි තරුණයෙකි.
මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී මොහු හංවැල්ල ප්‍රදේශයේ යතුරුපැදි සොරකමකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි.
මොහු තවත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු යන්න හෙළිකර ගැනීම සඳහා වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd