ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව එජාපයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී දේශපාලනඥයන් කිහිප දෙනකුම තමන්ට නාමයෝජනා දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද , ඔවුන්ට අවස්ථාව දෙන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, උගත් බුද්ධිමත් නවකයන් සහ කාන්තාවන් ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මැතිවරණය ඉදිරිපත් කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අතේ පිරිසක් අලියා ලකුණින් ඡන්දෙට
සුමුදු හේවා Sunday, 05 April 2015 05:44 PM
ජාතිකත්වයක් සහිත සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට විජාතිකයන් හට කත්අදින අය සමඟ කෑහැකි දීගයක් නැත. (නි)
විජයබාහු Monday, 09 March 2015 09:27 AM
ඔය ඉන්නේ හොරු ටිකයි දුෂණය කරපු කට්ටියයි. බේරෙන්න හොඳම විදිය බල්ටි ගහන එක තමයි.(නදී)
දුමින්ද Monday, 09 March 2015 09:28 AM
ප්‍රගතිශීලී ගෙඹි පිම්මට -සැලුන් දොර සිරි කොතට (නදී)
රෝයි Monday, 09 March 2015 10:44 AM
මේවා ජනතා අවදානය දිනාගන්න කරන ප්‍රකාශ . එහෙම නම් ශ්‍රීලනිප අයගේ නම් කියන්න තිබුනා..මේ කුඩා රැවටිලි තමයි දිනක මහා රැවටිල්ලක් බවට පත්වන්නේ. (නදී)
රසික Monday, 09 March 2015 11:15 AM
ඔබ හරි (අ)
අජිත් කරුණාරත්න Monday, 09 March 2015 11:38 AM
රෝයි ඔය ටිකම තමයි මහින්ද මහත්තය ඉන්න කාලේ කලෙත්. අනිකුත් පක්ෂ භේද කරලා , කැලි කෑලි වලට කාලා විනාශ කළා. අද ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බූම රංගයක් වෙලා (නදී)
උක්කුන් Monday, 09 March 2015 11:44 AM
මහින්ද රාජපක්ෂටත් ඇරයුම් කරනවද? (නදී)
නන්දලාල් Thursday, 12 March 2015 10:05 AM
මෙන්න මේ අයට තමා මොළේ ඇති අය කියන්නේ. "අත" උඩ පරාද වෙනවාට වඩා "අලියා" පිටින්වත් මහගෙදරට යන්න හදන මේ අය තමා නියම මිනිස්සු. (ර)