ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙන ‘අට්ටයා‘ හෙවත් කැකිරි මුහුදු කූඩැල්ලන් තම්බා වියළා ගත්පසුව හඳුනාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 28 වැනිදා පෙරවරු 8.30 ට මට්ටක්කුලිය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධිත නියෝජිතායතනයේ (නාරා) දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාමරී දිසානායක මහත්මිය විසින් දේශනය මෙහෙයවනු ලබයි.
‘ඉහළ වටිනාකමක් ඇති මුහුදු කූඩැල්ලන් වර්ග 16 ක් පමණ දැනට අපනයනය කෙරේ. ඉතා මිල අධික මෙම මුහුදු කූඩැල්ලන් නීත්‍යනුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වීම හා බැහැර කිරීම බහුලව සිදුවන අතර තම්බා වියළාගත් මුහුදු කූඩැල්ලන් වෙන් වෙන්ව හඳුනාගැනීමේදී රාජකාරියේ නියුතු නිලධාරීන් අපහසුතාවට පත්වේ. එම මුහුදු කූඩැල්ලන්ගේ තක්සේරු වටිනාකම තහවුරු කිරීමේදී ගැටලූ පැන නඟින බැවින් නාවික හමුදාව, රේගුව ඇතුළු එම ක්ෂේත‍්‍රයට අදාල නිලධාරීන් මූලික කරගෙන මෙම ප‍්‍රායෝගික වැඩමුළුව පැවත්වෙනවා‘ යැයි දිසානායක මහත්මිය පැවැසුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘අට්ටයා‘ වැඩමුළුව මට්ටක්කුලියේ