(එෆ්.අස්ලම්)
කඩාවැටී තිබූ සංචාරක ව්‍යාපාරයට පණ පොවමින් අගෝස්තු මාසයේ දුන්හිඳ ඇල්ල නැරඹීමට පමණක් 38,391ක දෙස් විදෙස් සංචාරකයින් පැමිණ තිබෙන බවත්, ඒ තුළින් රුපියල් මිලියනයකට අධික ආදායමක් හිමිව ඇති බවත් සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනී නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය පැවසුවාය.
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් පහත වැටී තිබූ බවත් දුන්හිඳ ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේද විශාල අඩුවක් දක්නට ලැබුණු බවත් සභාපතිනිය සදහන් කළාය.
අප්‍රේල් 21 සිට 30 දක්වා කාලයේදී දේශීය සංචාරකයින් 1533කුත් විදේශීය සංචාරකයින් 78කුත්, මැයි 1 සිට 31 දක්වා කාලයේ දේශීය 5488ක් සහ විදේශීය 69කුත්, ජූනි 01 සිට 30 වනදා තෙක් දේශීය 17,139ක් සහ විදේශීය 59කුත්, ජූලි 01 වනදා සිට 31 දක්වා කාලයේ දේශීය 9186ක් සහ විදේශීය 214කුත් වශයෙන් සංචාරකයින් දුන්හිඳ ඇල්ල නැරඹීමට පැමිණ තිබේ.
එම තත්වය වෙනස් කරමින් පසුගිය අගෝස්තු මස 01 වනදා සිට 31 වනදා තෙක් කාලයේ දේශීය වැඩිහිටි 31179ක් සහ දේශීය ළමා 6904කුත් විදේශීය වැඩිහිටි 282න් සහ විදේශීය ළමා 27කුත් වශයෙන් සංචාරකයින් 38391ක පිරිසක් දුංහිද නැරඹීමට පැමිණි බවත් ඉන් රුපියල් 10,92,760ක ආදායමක් හිමිවූ බවත් සභාපතිනිය සදහන් කළාය.
එමෙන්ම දුන්හිඳ නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමටත් දුන්හිඳ රක්ෂිතය අවට පරිසරය අලංකාර කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක් සොරණාතොට ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවද එහි සභාපතිනී නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අගෝස්තුවේදී දුන්හිඳ නැරඹීමට 38,391ක්