
( එස්.ඩි.කොඩිකාර )
අකුරැස්ස සහ පිටබැද්දර ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු වාර්තා වීමත් සමග අකුරැස්ස නගරයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන හතරක් තාවකාලිකව වසා දමා ඒ ආශ්‍රිත නිවාස වල 11 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන තෙක් ස්වයං නිරෝධානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර අද (12) පියවර ගෙන තිබුණි.
ඊට අමතරව පිටබැද්දර ,ගොරකවෙල ගංගාගිරි විහාරස්ථානයේ හිමිවරුන් 07 ක් ඇතුළු පවුල් 10 ක 61 කු පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකරන තෙක් ස්වයං නිරෝධායනය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අංශ පියවර ගෙන තිබුණි.
අකුරැස්ස අමලගොඩ ප්‍රදේශයේ (53) හැවිරිදි වකුගඩු රෝගයකින් පෙළෙන කාන්තාවකට ඉකුත් (08) වන දින සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව ඇයට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇගේ ආශ්‍රිතයන් හට සිදු කළ පී.සී.ආර් .පරීක්ෂණකින් පසුව ඉන් සිව් දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd