(මොහොමඩ් ආසික්)
අකුරණ නගරයට නිරන්තරයෙන් ඇති වන ගංවතුරෙන් සිදු වන හානි වළක්වා ගැනීම සඳහා නාසා ආයතනයේ සහාය ලබා ගෙන විශේෂ වැඩ පිළිවෙළක් සකස් කරන බවත් ඉදිරි මාසයක් වැනි කාලයක් තුළ එය ක්‍රියාත්මක කරන බවත් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.
අද (07) වැනිදා අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය.
ඔක්තෝබර් පළමුවන දින රාත්‍රී කාලයේ අකරණ නගරය ජලයෙන් යටවීම හේතුවෙන් වෙළඳ සැල් 300 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවූ අතර පැය තුනකට වැඩි කාලයක් ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද ඇනහිට තිබිණ.
25 වරකට වැඩි ප්‍රමාණයක් අකුරණ නගරය ජලයෙන් යටවී ඇති බවත් එමගින් නගරයේ ව්‍යාපාරිකයින්ට රුපියල් බිලියන ගණනාවක අලාභයක් සිදුව ඇති බවත් ජාතික ආර්ථිකයටද මෙමගින් විශාල අලාභයක් සිදුව ඇති බවත් සභාපතිවරයා මෙහිදී කීය.
සභාපතිවරයා මෙහිදී තව දුරටක් සඳහන් කළේ දේශපාලඥයින් පසුගිය වසර 20 තුළම ඡන්ද පදනම බලාගෙන දේශපාලන වාසියට ක්‍රියාකිරීම නිසා මෙම ගංවතුර ගැටළුවට විසඳුමක් ලබා නොදුන් බවයි.
පසුගිය කාලයේ රජයේ ප්‍රබල ඇමතිවරුන් මෙම ගංවතුර තත්වය පරීක්ෂා කිරීම සඳහා පැමිණ රැස්වීම් තියා විවිධ පොරොන්දු දී ගියද ඒවා කිසිවකින් ප්‍රයෝජනයක් නොවූ බවත් අදත් කුඩා වැස්සකටත් නගරය ජලයෙන් යටවන බවත් සභාපතිවරයා කීය.
දේශපාලඥයින්ගේ මෙම ක්‍රියාවන් නිසා කෙටි කලකින් විසඳිමට තිබූ මෙම ගැටළුව වසර 20 කට වැඩි කාලයක් ඇද ගෙන ඇවිත් තිබෙන බවද සභාපතිවරයා කීය.
මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කර විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ අතර ඇළට දැඩි ලෙස අවහිරව ඇති ගොඩනැගිලි අටක් හඳුනා ගෙන ඇති අතර එම ගොඩනැගිලිවල සැලසුමට පිටින් ඉදි කර ඇති කොටස් ඉවත් කිරීම , ඉදි කර ඇති පාලම් හතරක් හඳුනා ගෙන ඇති අතර එම පාලම්ද කඩා අලුතින් අදට ගැළපෙන ආකාරයට නව පාලම් ඉදි කළ යුතුව ඇතැයි ඒ මහතා කීය.
නමුත් මේ සඳහා ප්‍රාදේශිය සභාවක් වශයෙන් අපට ප්‍රතිපාදන නෑ. රේඛිය අමාත්‍යාංශ ඇවිත් බලල ගියත් ඔවුන් අපට ප්‍රතිපාදන දෙන්නෙත් නෑ. ඒ අය කරන්නෙත් නෑ. ඒ නිසා අපට පුළුවන් විදිහට යම් දෙයක් කරන්න ඕන කියල අපි හිතනවා.
මෙහි ප්‍රධානම අංගයක් ලෙස ගංවතුරක් ඇති වූ විට එයින් ඇති වන හානි වළක්වා ගැනීම සඳහා නාසා ආයතනයේ සහායෙන් ගංවතුරක් ඇති වන බව කලින් හඳුනාගෙන ජනතාවට පණිවිඩයක් ලබා දිය හැකි ක්‍රමයක් හඳුන්වා දීමට අපි පියවර ගනිමින් ඉන්නවා.
තව මාසයක් වැනි කාලයක් තුළ එය කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අකුරණට කාලගුණික තත්වයන් දැනුම් දිය හැකි මධ්‍යස්ථායක් ස්ථාපිත කිරීමටත් අපි කටයුතු කරමින් සිටින බවද සභාපතිවරයා මෙහිදී කීය.
සාමාන්‍යයෙන් පැය තුනක කාලයක් මිලි මීටර් 40 ක වර්ෂාපනයක් අකුරණට ලැබුණොත් අනිවාර්යෙන්ම නගරය ජලයෙන් යට වන බව සමීක්ෂණයකින් හෙළි කර ගෙන තියෙනවා යැයිද සභාපතිවරයාමෙහිදී කීය.
මෙම මාධ්‍ය හමුවට අකුරණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති සරත් අමරකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කට ඇරලා කියන්න බැරි අකුරණ නගරය අසලින් ගලා යන ඇළ මාර්ගය ඔහෙලාගේම හිගන්නෝ ඇළ නැතිවෙන්නම ගොඩනැගිලි හදලා නිසා ඇළමාර්ගය සම්පුර්ණයෙන්ම වැහිලා ජලය ගලායාමට බාද ඇතිවෙලා නිසා මෙසේ ගංවතුර ඇතිවෙනවා කියලා.ඒ හදලා තියෙන ඔක්කොම ගොඩනැගිලි අයින් කරලා ඇළ නිසිලෙස නඩත්තු කරලා බලන්න ඕකට නාසා එකේ අය ඕනෙද ? කෙටියෙන් කියනවා නම් ඔතන මාර්ගය කොතරම් පටුද? වෙළදාම වෙනුවෙන්, භූමිය වෙනුවෙන් ඔබලා මොනතරම් බොරු කියනවද කියන එක දන්න අය හොදටම දන්නවා.
නාසා ආයතනයේ සහාය මොකටද? ඔය ගොඩ කරලා තිබෙන වතුර බහින්න තිබුන ඇලවල් ටික ආයෙත් හාරන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි.
ඉස්සරහට වැඩේ ලෙහෙසියි. නසා එක පටස් ගාලා උදවු කරනවා. මොකද සජිත් දින්නොත් අමර්කාවේ අතකොළුවක් ලංකාවේ අගමැති නැත්තන් හැමෝම බලාපොරොත්තු වෙන ලෙස ගෝඨාභය දින්නොත් ඇමෙරිකාවේ රූකඩයක් ලංකාවේ ජනපති. මේක නිකම්ම ඇමෙරිකාවේ කොලනියක්. පොරොන්දු නොව ප්‍රතිපති වෙනුවෙන් විකල්පය දිනවමු.
දේශපාලනික හා ආරක්ෂක අතින් ඒ තරම් නුවනක්කාරි ක්‍රියාවක් නොවේ. මොන ආයතනයෙන් උපදෙස් ගත්තත් ඔය නගරය තුල ඉදිකර තිබෙන අනවසර ගොඩනැගිලි ඉවත්කලේ නැතිනම් ගංවතුර වැලැක්විය නොහැක. නගරය මැදින් තියන ස්වභාවික ජලය බැසයන ඇළ මාර්ගය අවහිර වීමෙන් නේද ගංවතුර ඇති වෙන්නේ? නගරය මැද තියන මුස්ලිම් පල්ලිය යටවනවාද? නැතිනම් පල්ලිය ඉදිරිපිට තියන පැරණි නිවාස යටවෙනවාද? ඔය සියලු අකරතැබ්බයන් සිදුවන්නේ මෑතකදී සිදුවූ ඉදිකිරීම් වලින් පසුව නේද?
හේතුව අනවසර ඉදිකිරීම්. තමුන්ගේ වල තමන්ම කපාගෙන දැන් විසදුම් හොයනවා. එකම විසදුම සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමයි.
කාණු වහලා ගුබ්බෑයම් අටවගන්නවා. වතුර බහින්න තියා පාරකවත් යන්න ඉඩ නෑ.
නයි ගෙට දාගෙන කෑවෝ කෑවෝ කියන්න එපා හරිද..?.
ඇයි මේ නගරය තියෙන්නෙ අභ්‍යාවකාශයේද ? නිකම් විහිළු සපයනවා. ඔය වැඩේ ජාතික ඉංජිනේරු සංස්ථාවට හරි මොරටුව විශ්වවිද්‍යාලයට හරි බාර දෙන්න. ලස්සනට කරාවි. හැබැයි හොරකම් කරන්න අමාරු වෙයි.
අකුරණ නගරය මම ජීවිත කාලෙම දැකපු තැනක්. ලෝකේ තියෙන අපිලිවෙලම ගම කියන්න පුළුවන්. ජලය බැස යන්න තියෙන එකම ඇළ මාර්ගය ගොඩ කරගෙන තට්ටු 8-10 ගෙවල් හදා ගන්නකොට මොන නාගරික අධිකාරියෙන්වත් හොයන්න ගියෙත් නැහැ මොන නගර සභාවෙන් /ප්‍රාදේශීය සභාවෙන් වත් වැඩේ නවත්තුවෙත් නැහැ.. දැන් එයාලම ලොකුකම පෙන්වල කරගත්තු වැඩ වල විපාක විදිනවා. නාසා ආයතනයෙන් ද දැන් ලංකාවේ නගර සංවර්ධනය කරන්නේ? කවද ඉදලද නාසා එකට බලතල දුන්නේ? පාලකයෝ මේවට උඩ බලාගෙන ඉන්නවා සුළු ඡන්ද වලට තියෙන කෑදරකම නිසා. අපිට නම් මේවට හිනා යනවා දැන් අදෝනා කියනකොට ...