(ජේ.කේ.එල්.චාමින්ද)
අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දර්ශන නීල්කුමාර මහතා අද (21) පැවති අක්මීමන ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට කඩුවක් රැගෙන පැමිණියේය.
මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ කඩුව පෙන්වමින් තණ කොළ කපන්න කඩු අවශ්‍ය බව ඇමතිවරයකුට කියා ඇති බව පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු කළු පැහැති කමිසවලින් සැරසී සභාවට පැමිණ සිටි අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අගමැති හා ජනපති යනුවෙන් සදහන් පුවරු දෙකක් පොල්පිති දෙකක එල්ලාගෙන සභාවට රැගෙන එනු ලැබීය.
එමෙන්ම මංගල සමරවීර ඇමතිවරයා විසින් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයද හෙළා දකිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.
අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අත්අඩංගුවට ගන්න බැරි කොන්ද පන නැති අය ඉන්නෙත් මේ රටේම බව ඉතා කනගාටුවෙන් සඳහන් කරමු ..!