IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අක්මීමණ ප්‍රා.ස උප සභාපති යළි රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල )


අක්මීමණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති   නොවැම්බර් 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා  අද (29) නියෝග කළේය.


 මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්  අක්මීමණ ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා ලෙස පත් වු ආන්ඩවත්ත කංකානම්ගේ සුගත් නැමැත්තාය.


 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රියදුරකු ලෙස සේවය කරන ඔහු  රාජකාරී ස්ථානයට   අයත් වෑන් රථයක රුපියල් 147984 ක් වටිනා ස්ටාටර් මෝටරය ගලවාගෙන යාම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව  රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.


කාර්මික දෝෂයක් නිසා ගාල්ල ඉහල ඩික්සන් පාර  ගරාජයේ ගාල්කර තිබු වෑන්  රථයක ස්ටාටර් මෝටරය සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
 



අදහස් (0)

අක්මීමණ ප්‍රා.ස උප සභාපති යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site