
(රවී ලියනගේ)
තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේ අක්කරයක පමණ බිමක වගාකර තිබු කංසා හේනක් අද (02) වටලා සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් විය.
සරුවට වගාකර තිබු මෙම කංසා හේන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර් 04ක් පමණ දුරින් තිබු අතර එය වැටලීමට නිලධාරීන්ට බොහෝ වෙහෙසක් දැරීමට සිදුවිය.
මෙහිදී කංසා හේනට ජලය සැපයීමට යොදාගත් මෝටර්, ජල නළ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කංසා ගස් උදුරා විනාශ කළ අතර, වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව සුරාබදු නිලධාරීහු පවසති. දකුණු පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම ක්‍රියාත්මක විය.
සැකකරුවන් වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd