
(රවී ලියනගේ)
තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේ අක්කරයක පමණ බිමක වගාකර තිබු කංසා හේනක් අද (02) වටලා සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් විය.
සරුවට වගාකර තිබු මෙම කංසා හේන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර් 04ක් පමණ දුරින් තිබු අතර එය වැටලීමට නිලධාරීන්ට බොහෝ වෙහෙසක් දැරීමට සිදුවිය.
මෙහිදී කංසා හේනට ජලය සැපයීමට යොදාගත් මෝටර්, ජල නළ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කංසා ගස් උදුරා විනාශ කළ අතර, වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව සුරාබදු නිලධාරීහු පවසති. දකුණු පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම ක්‍රියාත්මක විය.
සැකකරුවන් වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අක්කරයක කංසා හේනක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට