IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


80 වියැති ලී මෝල් හිමියා ඝාතනය කරයි

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු ලි මෝල් හිමියකුගේ මළ සිරුරක් අද(10)පෙරවරුවේදී අහුන්ගල්ල පතිරාජගම ප්‍රදේශයේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ  තිබියදී  සොයා ගැනුණු බව අහුන්ගල්ල පොලිසිය කියයි.


මෙසේ ඝාතනය කොට ඇත්තේ අහුන්ගල්ල පතිරාජගම කුඩුවහන්දිය පදිංචි 80 වියැති  එස් .ඒ.ජිනදාස නමැති සිව් දරු පියෙක් බවද පොලිසිය කියයි .


මේ ලි මෝල් හිමියා මෙසේ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරන්නට ඇත්තේනොවැම්බර් මස 9 වැනිදා රාත්‍රියේ වන්නට ඇති බවද පොලිසිය කියයි .ඒ ඊට පෙරදිනද මේ ලි මෝල් හිමියා සිය ව්‍යාපාරික ස්ථානයේ සිටි බවට ඇසින් දුටු සාක්කි තිබෙන බව නිසා මෙසේ අනුමාන කල හැකි බවද පොලිසිය කියයි .


දියණියක් මේ පුද්ගලයාට උදේ ආහාර ගෙන ගොස් සිටි අවස්ථාවේදී මේ පුද්ගලයා ඝාතනය කොට ඇති බව දැකීමෙන් පසුව තමන්ටද මේ පිලිබදව දැන්වීමෙන් අනතුරුව මේ මළ සිරුර සොයා ගැනුණු බවද පොලිසිය කියයි .


මේ ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණයවී නැති බව පවසන පොලිසිය ඒ පිලිබදව පරික්ෂා කොට පරීක්ෂණ ආරම්භ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවූ බවද කියයි .


අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

80 වියැති ලී මෝල් හිමියා ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site