IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


27 වැනි සංවත්සරය සමරයි

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට 27 වසරක් පිරිම නිමිති කොටගෙන විශේෂ අනුස්මරණ පින්කමක් පසුගියදා පවත්වනු ලැබිය. කළගුණ සැලකීම මුල් කොටගෙන මෙම පිංකම සංවිධානය කළේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ මෙහෙයවීම හා අනුශාසනා මතය.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වය දරන විවිධ රටවලින් පැමිණ පැරිස් නුවර පදිංචිව ඉන්නා බෞද්ධ සැදැහැවතුන්ගේ මෙන්ම ප්‍රංශ ජාතික බෞද්ධයින්ගේද සහභාගිත්වයෙන් සිදු කළ මෙම පුණ්යෝත්සවය විශේෂාංග රැසකින් සමන්විත විය.

වල්පොල ගෝතම හිමියෝ ධර්ම දේශනා සම්බුද්ධ පූජා හා දම් දෙසුම් ද පැවැත්වුහ. මහා සංඝරත්නය විශේෂ මණ්ඩපයකදී පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්විණි. 

සිව් මහලකින් සමන්විත මෙම පූජනීය බෞද්ධ මන්දිරයෙහි  බිම් මහලේ ප්‍රධාන උත්සවය පැවතියේය. තෙවැනි මහලේ දම් දෙසුම සිදු කෙරිණි.

මෙයින් වසර කිහිපයකට ඉහත දී මෙම විහාර මන්දිරය පින්බර දෑතින් විවෘත කළ අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහා නායක හිමියන්, බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් ,මහාචාර්ය වල්පොල රාහුල හිමියන්, සිංහල ජාතිය හා සමස්ත බෞද්ධ ජනතාව පරාධිනත්වයෙන් ගලවා ගැනීම සදහා ජීවිතය කැපකළ අනගාරික ධර්මපාලතුමන් සහ නාකියාදෙණිය ශ්‍රී සරණපාල පරිවේණාධිපති සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක කදුරැපොකුණේ  ධම්මාවාස හිමියන්ද ශාසනාභීවුර්ධිය උදෙසා සිදුකරන ලද අනුපමේය සේවාවන් අගය කොට උන්වහන්සේලා අනුස්මරණය කිරීම ද මෙහිදී සිදුකෙරුණි.

කදුරුපොකුණේ නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් වන පරවාහැර චන්දරතන නාහිමියෝ පින්කමෙහි අරමුණ පැහැදිලි කිරීමේ අනුශාසනාව පවත්වමින් තම ගුරු දේවයන්ගේ අකලංක හා දැඩි ඇල්ම බැල්ම යටතේ හැදුණු වැඩුණු තමා උන්වහන්සේ විසින් ලබා දෙන ලද ශික්ෂණය අවවාද හා අධිෂ්ඨානයද නිසා මෙබඳු දෙස් විදෙස්  ධර්ම දූත සුභ සාධන ක්‍රියා සඳහා පෙළඹුණු බව පැවසූහ.

ශ්‍රී ලංකාවේ මාර්ග ඵල ලාභී මහා තෙරනමක් ලෙස බොහෝදෙනා විශ්වාස කරනු ලබන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන්  ප්‍රංශයට වැඩමවා ප්‍රංශ බසින් ධර්මදේශනා පැවැත්වීමට කටයුතු කිරීමත් ඒ මඟින් විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්හට බුදුදහමේ ගැඹුරු තැන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමට හැකිවීමත් දුර්ලභ ගනයේ සිද්ධියක් බවද උන්වහන්සේ පැවසුහ.

වරෙක පැරිස් නුවර සෝබෝන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු බුදුදහම ජාත්‍යන්තරයට ගෙනයාම සඳහා දැවැන්ත සේවාවක් සිදුකළ මහාචාර්ය වල්පොල රාහුල හිමියන් පසුකලෙක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වැඩමකර ධර්මදුත වැඩකටයුතු සඳහා නායකත්වය ලබාදුන් අන්දමද සිහිපත් කළ චන්දරතන හිමියෝ, උන්වහන්සේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩසිටි කාලය තුළ දායක දායිකාවන්ගෙන් ලැබූණ  සියලුම පිරිකර ශ්‍රී ලංකාවේ වැඩසිටින සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහාත් විහාරස්ථානයේ දියුණුව සඳහාත් පුජාකළ බවත් උන්වහනේසේ ආදර්ශමත් ගුණවත් නිර්ලෝභී හිමිනමක් බවත් පැවසුහ.

පැරිස් නුවර ධම්මචක්ක විහාරාධිපති කෝ. ආනන්ද, පැරිසියේ ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක   මුරුංගස්යායේ ඥානිස්සර, රත්මලානේ සමාධි ධර්මායතනාධිපති ස්වරභාණී මාපලගම බුද්ධසිරි, මානම්පිට අමිත, වල්පොල ගොතම, සහ අනුරුද්ධ යන ස්වාමින් වහන්සේලාත් විහාරවාසී මාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල සහ බණ්ඩාරවෙල සුගතසිරි ඇතුළු මහා සංඝරත්නය මෙයට සහභාගී වූහ. 

පසුදින හීල් දාන සංඝගත දක්ෂිණාවෙන් පසුව පිංකම නිමාවට පත්විය .

ප්‍රංශයේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ශ්රී ලාංකික අබෞද්ධයෝ ද ප්‍රංශ, වියට්නාම, ලාඕස, චීන සහ කාම්බෝජ ආදී රටවල බෞද්ධයෝ ද මේ පිංකම් වලට සහභාගී වූහ.

1 3 4 5 7 8 10 13



අදහස් (0)

27 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site