ජනතා විමුක්ති පෙරමුණ එක්සත් රාජධානි ශාඛාව මඟින් 27 වැනි ඉල්මහ විරු සමරුව පසුගියදා ලන්ඩන් නුවර වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේ පවත්වනු ලැබිය.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන දේශනය පැවැත්විය.

එක්සත් රාජධානිය පුරා විසිරි සිටින ජවිපෙ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ඔවුන්ගේ පවුවල අය සමඟ සහභාගී වුහ.

උත්සවය ආරම්භ කිරීමට කලින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පිළිරුවක් සහ විශේෂ මණ්ඩපයක් අභියස පහන් දල්වා මල් තැන්පත් කර පක්ෂයේ කටයුතු වෙනුවෙන් කැපවීම් කළ සියල්ල සිහිපත් කරනු ලැබිය. 

1[2] 2[1] 3[1] 4[2]