(ඉන්දිකා රාමනායක)


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  2018 වසර තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් හෙරොයින් මත්කුඩු කිලෝ 468 යි ග‍්‍රෑම් 188 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.


 මෙම මත්කුඩු සමග සැකකරුවන් 40,406 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියකු සහන් කළේය.


මත්කුඩු වලට අමතරව මෙම වසර තුළ කළ වැටලීම් වලින්   ගංජා හා කේරළ ගංජා කිලෝ 4843 යි  ග‍්‍රෑම්  235 ක් සමග සැකකරුවන් 54,406 දෙනෙක් ද,    කොකෙන්   කිලෝ 16 යි   ග‍්‍රෑම් 307 ක් සමග සැකකරුවන් 16 දෙනෙක් ද,  හෂීස්  කිලෝ 33 යි  ග‍්‍රෑම් 200 ක් සමග සැකකරුවන්  94 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.