ආරියරත්න රණබාහු
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සඳහා වු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී විවාද කරන දිනය සම්බන්ධයෙන් මීළඟ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කිරිමට නියමිත බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
එහිදි විවාදය පැවැත්වෙන දින වකවානු මෙන්ම එක් කරන සංශෝධනය ද සම්බන්ධයෙන් ද තීරණය කිරිමට නියමිත බව හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගෙන් කළ විමසිමේ දී ඔහු කියා සිටියේ අදාළ සංශෝධනයට සහාය ලබා ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන් සමඟ ඉතා ඉක්මණින් සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සඳහා වු 20 වැනි සංශෝධනය ඉකුත් ජුලි 9 වැනි දා ගැසට් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd