
(සිතුම් චතුරංග)
නීතිවිරෝධීව ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 952 ක් සමඟ පුද්ගලයකු අද(28) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මන්නාරම පොලිසිය කියයි.
නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය සඳහා සූදානම්කර තිබූ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙම කහ තොගය ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිසිය සඳහන් කළේය. ජලය කාන්දු නොවන ලෙස සකස්කරන ලද ඇසුරුම් 27 ක් තුළ මෙම කහ තොගය අසුරා තිබූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ධීවරයෙකි.
සැකකරු හා කහ තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අල්ලන කහ විනාශකරන්න එපා. සිංහල නැත්නම් දේශීය වෙදකමේදී බෙහෙත් සදහා කහ ඉතාම අවශ්‍ය වෙනවා. අසනීපයෙන් සිටින මට බෙහෙතකට නියමකලේ වියලි කහ වලින් පොට්ටනියක් සාදා තවන ලෙසයි නමුත් කහ කැබැල්ලක්වත් සොයාගන්න නැහැ. බමුණු මතයේ සිටිනවුන් කියාවි කහ වවාගන්න කියලා. ක්ෂනිකව කහ වවලා වේලාගන්න බැහැනේ. වත්මන් ඇමතිතුමිය දේශිය වෙදකම රකිනවානම් මෙයට ප්‍රථිකර්මයක් කරාවියැයි සිතනවා. අසනීපය තියාගෙන අපි බලා සිටිමු
කහ ගෙනාවොත් හිරේ, කුඩු ගෙනාවොත් පාර්ලිමේන්තුවේ.