IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගව ඝාතකාගාරයක් වටලා 7ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අවිස්සාවේල්ල තල්දූව සුවිසල් දෙමහල්  නිවෙසක් පිටුපස නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය   ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් හත් දෙනකු අද ( 2 ) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

වැටලීම හේතුවෙන් මැරීමට සිටි ගවයන් තිදෙනකු ද බේරා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි 

මරණ ලද ගවයකුගේ මස් තොගයක් සහ මැරීමට උපයෝගී කර  ගත් උපකරණ ද පොලිසිය භාරයට ගෙන ඇත 

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන්  කණ්ඩායමක්   මධ්‍යම රාත්‍රියේ සිට එම සුවිසල් නිවස අසල රැකවල්ලා සිට අලුයම   වැටලීම සිදු කළ බව සිදු කළ බව පොලිසිය සඳහන් කරයි

වැටලීමේදී අත්අඩංගුවට ගත් මෙම නීති විරෝධී ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරු එයින් මුදා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ලෙස රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලබාදීමට උත්සාහ කළ බවත් පොලිස් නිලධාරින් විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් වැටලීමට සහභාගිවූ නිලධාරියෙක් පැවැසීය 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් ය  .සැ කකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල  පොලීසිය වෙත භාර දී ඇත 

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ,උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්  පොලිස් සැරයන් 428 ජයලාල් 50298 චානක පොලිස් කොස්තාපල්වරුන් වන 87119 අමිල80182 මහත්වරු වැටලීමට එක්වූහ.



අදහස් (0)

ගව ඝාතකාගාරයක් වටලා 7ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site