IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පාර හදා දෙන්නැයි නාවුල ගැමියෝ පාරට

(ඉන්දික අරුණ කුමාර)

මාර්ග සංවර්ධන අමාත්‍යංශය මගින් කිලෝ මීටර් ලක්ෂයේ විකල්ප සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ - නාඋල, මාරාගමුව හංදියේ සිට දඹගොල්ල දක්වා සංවර්ධනය කිරිමට නියමිත මාර්ගයේ වැඩ ආරම්භ කර නැතැයි පවසමින් ගම්මාන රැසක පිරිස් අද(16) උද්ඝෝෂණයක  නිරත  වූහ.

හැළඹගහවත්ත හංදියේ සිට පිරිස් යතුරුපැදි සහ වෙනත් වාහ භාවිත කරමින් කිලෝමීටර් තුනක පමණ දුරකින් පිහිටි නාඋල සිට ඇලහැර දක්වා දිවෙන මාර්ගය සම්බන්ධ වන මාරාගමුව හංදියට එක්වූහ.

මාර්ගයේ වැඩ ආරම්භ කිරිම් සිදුකිරිම සදහන් ජනාධිපති වරයා ඇතුළු අග්‍රාමාත්‍ය වරයා සහ සෙසු මැති ඇමතිවරුන්ගේ රුව සහිත ප්‍රචාරක පුවරුව පැවති ස්ථානයෙන් ඉවත්කළ උද්ඝෝෂකයෝ එය ප්‍රධාන මාර්ගයට රැගෙන විත් විරෝධතාවයේ නිරත වූහ.

අදාල පුවරුවේ ප්‍රදර්ශනය කර තිබු වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රුව වල් වලට අතින් පයින් පහර දෙමින් උද්ඝෝෂකයින් කියා සිටියේ පොරොන්දු වූ පරිදි සිය මාර්ගය පිළිසකර කිරිම සිදුකර දෙන ලෙසයි.

පැයක පමණ කාලයක් ඇලහැර මාර්ගයේ වාඩි ලා ගනිමින් පිරිස විරෝධතාවයේ නරත වූ අතර නාඋල පොලිසියේ නිලධාරින් පැමිණ ඇලහැර මාර්ගයේ දෙපස නවතා තබු රථ වාහන පිටත් කර හැරිමට උත්සහ කළ ද උද්ඝෝෂකයෝ ඊට ඉඩ ලබා නොදෙන ලදි.

උද්ඝෝෂණ තත්ත්වය හේතුවෙන් ඇලහැර මාර්ගයේ නාඋල සිට පැමිණි රථ වාහන හා මොරගහකන්ද දෙසින් නාඋල දෙසට ගමන් කිරිමට පැමිණි වාහන පෝලිම කිලෝ මීටරයක් දක්වා පමණ දුරකට ගමන් කිරිමට නොහැකිව නවතා තිබුනි.

පැයක පමණ කාලයක් උද්ඝෝෂකයෝ මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව සතියක කාලයකින් සිය ගැටළුව විසදීමට පාලකයින් අපොහෝසත් වුව හොත් මීටත් වඩා දැවන්ත විරෝධතාවක් සංවිධාන කරන බව කියා සිටියහ.

 



අදහස් (0)

පාර හදා දෙන්නැයි නාවුල ගැමියෝ පාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 66 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 901 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site