IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බස්-වෑන්-පාපැදි අනතුරින් අයෙක් මරුට

(නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න )

පොළොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ වැලිකන්ද නාමල්ගම දී බස් රථයක් , වැන් රථයක් සහ පා පැදියක් ගැටී පාපැදිකරු මියගොස් බස් රථයේ ගමන් ගත් 19 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

තුවාල ලැබූවන් වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි

පාපැදිකරුගේ බිරිඳ ද බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරෙන් තුවාල ලැබූ 07 දෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ගන්නා අතර 12 දෙනකු වැලිකන්ද ප‍්‍රාදේශිය රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරට හේතුව වැන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය බවත් ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කරන බව පොලිසිය කියයි.

ලංගම බස්රථය වෑන් රථයේ හැපීම  වළක්වා ගැනීමට යාමේදී බස්රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව පොලීසිය පවසයි.



අදහස් (0)

බස්-වෑන්-පාපැදි අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site