(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය අධිවේගී ගුවන් පාලම මත දී යුද හමුදා ට්‍රක් රථයක් සහ යතුරු පැදියක් ඊයේ (28) රාත්‍රී මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව අතුරුගිරිය පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ තලංගම දකුණ ,නාගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බත්තරමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සේවයේ නියුතු එම්.රසංග මනෝජ් පෙරේරා (39) තිදරු පියෙකි
අතුරුගිරියේ පිහිටි යුධ හමුදා අනුඛණ්ඩය ක ට අයත් ට්‍රක් රථයක් මාලබේ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණ තිබූ යතුරු පැදිය හමුදා ට්‍රක් රථය හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් නිලධාරියකු පැවැසීය
මියගිය යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය
හමුදා ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd