IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රන් භාණ්ඩ සොරාගත් මව-පුතු අත්අඩංගුවට


(බිමල්  ශ්‍යාමන් ජයසිංහ)


පානදුර පොලිස් බල ප්‍රදේශයේ නිවාස ගණනාවක රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන්  පුද්ගලයකු හා ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.

එම පුද්ගලයා  සොරගෙන තිබු ලක්ෂ 25 කට අධික  වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා රිදී භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ.

කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරකට අනුව  යතුරුපැදියක යමින් සිටි  අයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම රන් භාණ්ඩ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව නිවාස 5 කින් සොරාගත් රන් භාණ්ඩ සොයාගෙන ඇත.

ඔහු සොරාගත් රන් භාණ්ඩ උකස් කර ඇත්තේ ඔහුගේ මව  බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසය පවසයි.ඒ අනුව අත්අඩංගුවට ගත් මොවුන් අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.

 



අදහස් (0)

රන් භාණ්ඩ සොරාගත් මව-පුතු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site