IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරු දෙකකින් දෙදෙනකු මරුට

( ඩි.ජී.සුගතපාල)

යක්කලමුල්ල සහ අහුංගල්ල යන පොලිස් වසම් තුළදි  සිදුවු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය  පවසයි.

යක්කලමුල්ලේ සිට මාකුඹුර දෙසට ගමන් කරමින් තිබු බවුසරයක ඉදිරියෙන් පැමිණි යතුරු   පැදියක් මුහුණට මුහුණ ලා හැපිමෙන් යතුරු පැදියේ ගමන් ගත් තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ තලාව පදිංචි පුද්ගලයෙකි. බවුසරයේ රියදුරු යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ගාල්ල කොළඹ මාර්ගයේ  අහුංගල්ල රේවත හන්දියේදි  පාර මාරුවෙමින් සිටි විශ්‍රාමික විදුහලපතිවරයෙකු වාහනයක හැපි මියගොස් ඇති අතර අනතුරට සම්බන්ධ වාහනය නොනවත්වා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය විජයාරාම පාර පදිංචිව සිටි 77හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකි.

අනතුර සිදුවු ස්ථානය අසල සී.සී.ටී.වී.දර්ශණ  පරික්ෂා කර වාහනය හඳුනාගෙන අත් අඩංගුවට ගැනිමට අහුංගල්ල  පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 

 

 



අදහස් (0)

රිය අනතුරු දෙකකින් දෙදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site