IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බස් රියදුරාට පහර දුන් ‘හනුමා‘ ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

( ජුඩ් සමන්ත)

වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරකුට පහර දී මුදල් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑ බව කියන “හනුමා” නමින් හඳුන්වන පුද්ගලයකු  ඇතුළු සිව්  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව  පොලීසිය කියයි.

පහර කෑමට ලක්ව ඇත්තේ නොච්චියාගම - කිනවැල්දෙණිය පදිංචිකරුවෙකි.  වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු මාර්ගය හරස් කර තමන් පදවමින්  සිටි බස් රථය නවත්වා පහර දුන් බව ඔහු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන් අතර තිබූ රුපියල් 17,500 ක මුදලක් සහ ජංගම දුරකථනයක්ද පහර දීමට පැමිණි අය කොල්ලකෑ බවද පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත. 

පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - කොළඹ මාර්ගයේ  ධාවනය වන පුද්ගලික බස් රථ සේවකයින් පිරිසක් වන අතර ඔවුන් පැමිණි වෑන් රියද පොලිස්  බාරයට ගෙන ඇත.

දුර ගමන් සේවා බස් රථ වලින් අතර මගදී මගීන් පටවා ගැනීම සම්බන්ධයෙන්  අවස්ථා කීපයකදීම මීට පෙරද ගැටුම් හට ගෙන තිබුණි.

සැකකරවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

බස් රියදුරාට පහර දුන් ‘හනුමා‘ ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

rocky Sunday, 25 March 2018 05:28 AM

වලිගයට තෙල් පාන්කඩ ඔතා (වලිගයක් ඇතොත්) එයට ගිනි තබා දියවන්නා ගෙදර පැත්තට එලවා දමන්න!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site