(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, පාදෙණිය ඒ 28 මාර්ගයේ පොතානේගම හන්දිය ආසන්නයේදි බන්ධනාගාර නියාමකවරයෙකු විසින් පදවන ලද යතුරු පැදියක ගැටිමෙන් 65 හැවිරිදි පා පැදිකරුවෙකු අද (27) දින මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ අනුලාමාවත,පංඩුලගම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචි ආර්.සිරිල්(65) නැමති ගොවියෙකි.
මියගිය අය තලාවේ සිට අනුරාධපුය දෙසට සිය පා පැදියෙන් එමින් සිටියදි පොතානේගම හන්දිය ආසන්නයේදි බන්ධනාගාර නියාමකවරයා පැමිණි යතුරු පැදිය හා ගැටි ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් 65 හැවිරිදි ගොවියා සහ 29 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව 65 හැවිරිදි ගොවියා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
බමුණුවත්ත,දොරවක,වාරියපොල පදිංචි 29 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයා තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම බන්ධනාගාර නියාමකවරයාට විරැද්ධව ඉදිරියේදි නිතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd